ස්මාර්ට් ජංගම දුරකථන ලෝකයේ දැවැන්තම සමාගමක් වන Xiaomi ආයතනය පසුගිය 29 වන දිනයේ ශ්රී ලංකාවට නිල වශයෙන් පැමිණියා. Xiaomi සමාගම ඔවුන්ගේ ලොව පුරා විසිරී සිටින පාරිභෝගිකයන් වෙනුවෙන් ගුණාත්මක සේවාවක් ලබාදීමට නිරන්තරයෙන් කටයුතු කරන සමාගමක්. මෙම හේතුව නිසාම Xiaomi ලෝකයේ විවිධ රටවල ඔවුන්ගේ නිල ආයතනයක් ස්ථාපිත කර තිබෙනවා. Xiaomi සමාගම සතු නිල රටවල් අතරට ශ්රී ලංකාවත් ඊයේ දිනයේදී එකතු වුවා.

මෙම උත්සවය කොළඹ Shangri-La හෝටල් පරිශ්රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමෙන් පැවැත් විය. මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා Xiaomi සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ සාමාජිකයන් රැසක් සහ ලාංකේය යූටියුබ් කරණයේ ප්රසිද්ධ සාමාජිකයන් රැසක් පැමිණ සිටියා. මෙම උත්සවයට සමගාමිව Xiaomi සමාගම දුරකථන කිහිපයක් ලාංකේය වෙළඳපොළට හඳුන්වාදෙනු ලැබුවා. ඒවා,
- Pocophone F1
- Mi A2
- Mi A2 Lite
- Redmi 6
- Redmi 6A
- Redmi Note 6 Pro
- Redmi S2
වශයෙන් හැදින්විය හැකි අතර මෙම දුරකථන ඉතා ඉක්මනින් ලාංකේය පාරිභෝගිකයන් හට දිවයින පුරා ඇති වෙළඳසැල් වලින් ලබා ගැනීමට හැකියාව පවතී.

Image Copyright: Ada Derana Biz
Xiaomi ශ්රී ලංකාවට පැමිණීමෙන් අපිට ලැබෙන දේ,
- Xiaomi නිෂ්පාදන ඍජුවම ලාංකේය වෙළඳපොළට පැමිණීම.
- Xiaomi සමාගමේ ඉහළ වගකීම.
- දිවයින පුරා විසිරි ඇති 250 කට අධික අලෙවිසැල් වලින් ඔරිජිනල් Xiaomi නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව.
- ඉහළ නිෂ්පාදන අලෙවියෙන් පසු සුපිරි සේවාව.
- ඔරිජිනල් Xiaomi අමතර කොටස් මෙරටදීම ලබා ගැනීමේ පහසුව

Xiaomi සමාගම ශ්රී ලංකාවට පැමිණීම හේතුවෙන් මෙතෙක් පැවති අනෙකුත් දුරකථන සඳහා වන මිල ගණන් ඉතා ඉක්මනින් සංශෝධනය වේ යැයි සිතිය හැකිය. එමෙන්ම දුරකථන සඳහා සාපේක්ෂව කුඩා ඉල්ලුමක් ඇති ලාංකේය වැනි වෙළඳපොළකට මෙවැනි දැවැන්ත සමාගමක් පැමිණීම Xiaomi මෙන්ම අනෙකුත් දුරකථන පාරිභෝගිකයන් හට සුභ දායක වන බව නිසැකවම කිව හැකිය.