Xiaomi ශ්‍රී ලංකා ආගමනයට සමගාමීව හඳුන්වාදුන් දුරකථන කිහිපය අතරින් සුපිරි Redmi Note 6 Pro කාගේත් අවධානයට ලක්ව තිබෙනවා. බොහෝ ජනප්‍රිය වෙමින් පවතින මෙම දුරකථනය ඇත්තටම කොහොමද කියලා අපි විමසා බලමු.
මොනවද Xiaomi Redmi Note 6 Pro බොක්ස් එකේ තිබෙන දේවල්,
- නවතම Xiaomi Redmi Note 6 Pro දුරකථනය.
- Silicone Back Cover එක.
- User Manual එක.
- Charging Adapter එක.
- USB Cable එක.

නවතම Xiaomi Redmi Note 6 Pro දුරකථනය

Mid Range ඝනයට අයත්වන මෙම දුරකථනය පිටුපස ඇලුමිනියම් වලින් සහ වටේ ඇති දාරයන් අතට පහසු ප්ලාස්ටික් වර්ගයකින් නිර්මාණය කර තිබෙනවා. මෙම දුරකථනය බැලූ බැල්මට Flagship දුරකථනයක ඇති සුපිරි බව දැක ගන්නට පුළුවන්. සිහින් දුරකතනයක් වන මෙය ග්‍රෑම් 182 ක් බරකින් යුක්ත වෙනවා. මෙහි පහළින් ස්පිකර් යුගලය සහ USB Port එක දැක ගැනීමට පුළුවන්. දුරකථනයේ පිටුපස ද්විත්ව කැමරා පද්ධතිය සමග LED Light එකක් දැක ගැනීමට පුළුවන්. එම කැමරාවන් පිළිවෙලින් 12 MP සහ 5 MP වශයෙන් දැක්වීමට හැකිය. එම නිසා ඉතා හොඳ ඡායාරූප ගැනීමේ හැකියාව ඇත. මෙයට අමතරව Finger Print එක ද මෙම දුරකතනයේ පිටුපස දැක ගැනීමට පුළුවන්.

IPS LCD තිරයක් සහිත මෙහි Corning Gorilla ආරක්ෂණයෙන් සමන්විත වන නමුත් එම ආරක්ෂණය කුමන ඝනයට අයත්දැයි සඳහන් කොට නොමැත. මෙම දුරකථනයේ අඟල් 6.26 ක ප්‍රමාණයේ තිරයකින් සමන්විත වෙනවා. මෙම දුරකථනයේ ඉදිරිපස උඩ කොටස ද්විත්ව කැමරා පද්ධතියකින් සමන්විත වෙනවා. එම කැමරාවන් පිළිවෙලින් 20 MP සහ 2 MP වශයෙන් දැකගැනීමට පුළුවන්. එම නිසා ඉතා පැහැදිලි සෙල්ෆි ඡායාරූප ගැනීමේ හැකියාව ඇත. මෙම දුරකථනය සඳහා සුපුරුදු Notch එකද දැකගැනීමට පුළුවන් අතර Accelerometer, Gyro, Proximity සහ Compass ආදී සෙන්සර්ස් වර්ග කිහිපයද දැකගැනීමට පුළුවන්.

මෙම දුරකථනය Android 8.1(Oreo) මත Xiaomi සමාගම විසින් නිර්මාණය කරන ලද MIUI 9 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත වෙනවා. Snapdragon 636 Chipset එකකින් සමන්විත වන මම දුරකථනය Octa-core 1.8 ක ප්‍රොසෙසරයකින් ද යුක්ත වෙනවා. මෙම දුරකථනය සඳහා 4000 mAh ප්‍රමාණයේ බැටරියක් ඇති අතර එමගින් දින දෙකක් පමණ හොඳින් දුරකථනය භාවිත කිරීමේ හැකියාව පවතිනවා. මෙම දුරකථනය Black, Blue, Rose Gold සහ Red වර්ණයන්ගෙන් මේ වනවිට වෙළඳපොළේ දැක ගැනීමට පුළුවන්.

ඇත්තටම Xiaomi Redmi Note 6 Pro දුරකථනය, කොහොමද…?

මෙම දුරකථනය සඳහා Facial Recognition පහසුකම තිබුනත් ලංකාව ඇතුළුව සමහර රටවලට එම පහසුකම මේ වනතෙක් ක්‍රියාත්මක වෙන්නේ නැත. නමුත් මෙම දුරකථනය සඳහා ඇති Finger Print එක ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මේ වනවිට ඇති ඉහළ මට්ටමේ Mobile Games (උදා :- PUBG, Asphalt 9) ඉතා පහසුවෙන් භාවිත කිරීමට පුළුවන්. මෙහි ඇති කැමරා මගින් ඉතා හොඳ මට්ටමේ ඡායාරූප ගැනීමේ හැකියාව තිබෙන නමුත් Stabalizer තාක්ෂණය තරමක් පහළ මට්ටමකින් යුතු වෙනවා. දැනට මෙහි MIUI 9 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත වුවත් එය නවතම MIUI 10 දක්වා Upgrade කිරීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් මෙහි Headset එකක් නොමැති වීම කාගේත් කතාබහට ලක්වී තිබෙනවා. කෙසේ නමුත් Headset එකක් සෑම කෙනෙකුටම ප්‍රයෝජනවත් නොවනබව Xiaomi ආයතනය සඳහන් කර සිටි.

Redmi Note 6 Pro දුරකථනයේ ඇති ඉහළ කැමරා ද්විත්වයන්, සුපිරි බැටරිය, දුරකථනයේ නිමාව සහ අවම මිල ආදී දෑ, මෙහි ඇති ගුණාත්මක කරුණු වශයෙන් දැක්විය හැකිය. මෙම දුරකථනයේ ඇති Top Notch එක, Facial Recognition ක්‍රියාත්මක නොවීම, සහ Headset එකක් නොමැති වීම මෙහි ඇති ඍණාත්මක කරුණු වශයෙන් දැක්විය හැකි අතර ඉදිරියේදී Facial Recognition පහසුකම ක්‍රියාත්මක වේයැයි බලාපොරොත්තු විය හැකිය.

සමස්ථයක් වශයෙන් අනෙකුත් දුරකථන වලට සාපේක්ෂව ඉතා අඩු මිලකට ඉහළ පහසුකම්වලින් යුතු වටිනා දුරකථනයක් වශයෙන් Xiaomi Redmi Note 6 Pro දුරකථනය හැඳින්වීමට පුළුවන්. මෙම ලිපිය මගින් ඔබට Xiaomi Redmi Note 6 Pro දුරකථනය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙයියැයි අපගේ මතය වේ. කෙසේ නමුත් මෙම Xiaomi Redmi Note 6 Pro දුරකථනය පිළිබඳව ඔබට ගැටළුවක් ඇත්නම් අපිට කියන්න.