ලෝකයේ ප්රධාන Tech සන්නාම කිහිපය අතර සිටින Xiaomi සමාගම ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය සඳහා සුවිශේෂී ජනප්රියත්වයක් ලබාගෙන ඇත. Xiaomi නිෂ්පාදන අතර ඇති නවතම Xiaomi Mijia 4K කැමරාව අනෙකුත් කැමරා වලට සාපේක්ෂව තරමක් විශේෂ වේ.
අඟල් 2.4 ක කුඩා තිරයක් සහිත Xiaomi Mijia 4K ග්රෑම් 99 තරම් කුඩා බරකින් යුක්ත වේ. මෙහි ඇති කුඩා තිරය Touch Screen පහසුකමින් යුක්ත වේ. ඉතාමත් එළිය සහිත ස්ථානයක වුවද මෙම තිරය මගින් සුපැහැදිලි රූපරාමූ දැක ගැනීමට හැකියාව පවතී. ඉතාමත් අඩු බරකින් සහ කුඩා ප්රමාණයෙන් යුතු නිසා ඕනෑම ස්ථානයක පහසුවෙන් පරිහරණය කිරීමට හැකිය, එමෙන්ම ඉතා කුඩා ඉඩක පවා තැබිය හැකි Xiaomi Mijia 4K පහසුවෙන් සාක්කුවක පවා තබා ගත හැක.

කවාකාර මුළු වලින් සමන්විත කැමරාව ප්ලස්ටික් වලින් නිර්මාණිතය, මෙය අතට ඉතාමත් පසුවෙන් රඳවා ගත හැකිය. සරල අලංකාර නිමාවකින් යුතු Xiaomi Mijia 4K පෙර කැමරාවක් භාවිත කර නොමැති කෙනෙකුට වුවද ඉතාමත් පහසුවෙන් භාවිත කළ හැකිය. Wifi සහ Bluetooth ඇතුලු නවමමූ තාක්ෂණ අංග රැසකින් Xiaomi Mijia 4K සමන්විත වේ.

1) Camera Lens
2) Front Indicator
3) Shutter + Power Button
4) Top Indicator
5) 1st Microphone
6) Speaker
7) Micro-USB Cover
8) Micro-USB Port
9) 2nd Microphone
10) 2.4″ Touchscreen
11) Battery Cover Lock
12) Battery Cover
13) 1/4″ Thread Hole
14) Battery
15) Micro-SD Slot
Xiaomi Mijia 4K කැමරාවෙහි 2560 x 1440 @ 30fps / 1920 x 1080 @ 100/60/30fps / 1280 x 720 @ 200fps යනාදී ධාරිතාවන්ගෙන් රූපරාමු ලබාගැනීමට හැකිය. මෙය 1450 mAh Li-ion ප්රමාණයේ බැටරියකින් යුක්ත වේ. Xiaomi Mijia 4K කැමරාව සඳහා Water Proof පහසුකම නොමැති නමුත් මෙයට සරිලන Water Proof Casings වෙළඳපොලේ ඉතාමත් අඩු මුදලකට ලබාගත හැකිය.

Xiaomi Mijia 4K කැමරාව සඳහාම නිපදවා ඇති “Handheld Gimbal” කැමරා රඳවනය මගින් මෙම කැමරාව භාවිතය ඉතාමත් පහසු කරනු ලබයි. 5000 mAh බැටරියකින් සමන්විත මෙය බරින් ඉතාමත් අඩුය. ඉතා කුඩා උපකරණයක් වන Handheld Gimbal මගින් අපහසු රූපරාමු පවා පහසුවෙන් ලබා ගත හැකිය.

Xiaomi Mijia 4K කැමරාව සඳහාම නිර්මාණය කර ඇති මෘදුකාංගය හේතුවෙන් පහසුවෙන් ජංගම දුරකථනය මගින් Mijia 4K කැමරාව පාලනය කල හැකිය.
මේ වනවිට Xiaomi Mijia 4K ශ්රී ලාංකේය වෙළඳපොලේ සුලබව දැකිය නොහැකි නමුත් Mijia 4K සඳහා අනෙකුත් රටවල ඉතා ජනප්රියත්වයක් ලැබී ඇත.දැනට ඇති මිල අධික GoPro කැමරා පරණ සංස්කරණයන්ට සාපේක්ෂව ඉතා අඩු මිලකට Xiaomi Mijia 4K මිලදී ගත හැක.

ඉතාමත් අඩු මිලකට සුපිරි මට්ටමේ අත්දැකීමක් සහ පහසුකම් රැසක් Xiaomi Mijia 4K කැමරාව භාවිතය මගින් ලබා ගත හැකිය. මෙම සුපිරි Xiaomi Mijia 4K කැමරා අත්දැකීමක් ඔබටත් ලබාගැනීමට දැන් පහසුකම ලැබී ඇත. ඉතාමත් අඩු මිලකට විශ්වසනීය ලෙස මෙය ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට පහසුකම මේ වනවිට පවතී.
මෙම Xiaomi Mijia 4K කැමරාව සමගින් Handheld Gimbal උපකරණය පහත සඳහන් Link එක මාර්ගයෙන් ඔබටත් අදම මිලදී ගත හැකිය.
Original Xiaomi Mijia Mini Camera 4K 30FPS Action Camera
$95.68