Intel H-series chip එකක් තියෙන ලෝකයේ බර අඩුම laptop එක Vaio වෙතින්.

0
273

ඔන්න දැන් Vaio සමාගම ඔවුන්ගේ අලුත්ම laptop එක announce කරලා තියෙනවා. ඒ තමයි Vaio Z කියන laptop එකයි. ඉතින් ගොඩක් අය Vaio සමාගම දන්නේ ඔවුන්ගේ unbelievably thin laptop වලටයි. ඉතින් මේ laptop thin උනාට ගොඩක් powerful වෙනවා. ඉතින් මේ අලුත් Vaio Z laptop එකේ Intel සමාගමේ four-core Core i7-11357H එකක් බලාගන්න පුළුවන් වෙනවා, ඒ වගේම මේ laptop එකේ බර 1KG එකකට වඩා වෙනවා. ඉතින් මේ නිසා මේ laptop Intel H-series processor එකක් තියෙන පලවෙනි laptop එක වෙනවා. 

ඉතින් මේ laptop එකේ මෙච්චර බර අඩු වෙන්න හේතුව තමයි, මේ laptop එක හදල තියෙන්නේ “contoured carbon fiber” වලින් වෙනවා. ඒ වගේම මේ laptop එක තමයි පලවෙනි “contoured carbon fiber” තියෙන laptop එක. ඉතින් අපිට carbon fiber තියෙන lightweight laptops market එකේ බලාගන්න පුළුවන් වෙනවා. (example Dell XPS line එක) ඒ උනත් ඒ laptops වල තියෙන carbon fiber hold කරගෙන ඉන්නේ metal නැත්නම් plastic parts වලින් වෙනවා. ඉතින් මේ Vaio Z laptop එකේ completely තියෙන්නේ contoured carbon fiber වෙනවා. ඉතින් මේ carbon fiber sturdy සහ lightweight material එකක් වෙනවා. 

ඉතින් ඒ සමාගම කියන විදිහට මේ අලුත් laptop එක “surface drop” tests 26 pass වෙලා තියෙන බවයි. ඉතින් මේ laptop එකෙන් පය දහතුනක වගේ කාලයක battery life බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් specs ගැන කතා කරොත් අපිට 2TB of storage, 32GB of memory, Iris Xe integrated graphics සහ FHD or a 4K 14-inch display බලාගන්න පුළුවන් වෙනවා. තවද backlit keyboard එකක්, physical shutter එකක් තියෙන webcam එකක්, full-size HDMI port සහ USB-C ports දෙකක්ද බලාගන්න පුළුවන් වෙනවා.