Asus සමාගමෙන් අලුත්ම Ryzen-powered Chromebook එකක්.

0
190

ඔන්න දැන් Asus සමාගම ඔවුන්ගේ අලුත්ම Chromebook එකක් released කරලා තියෙනවා, ඒ තමයි Chromebook Flip CM5. ඉතින් මේ  Chromebook එක Ryzen-powered Chromebook එකක් වෙනවා. මේ CM5 Chromebook එකේ 15.6-inch screen එකක් බලාගන්න පුළුවන් වෙනවා. සමාගමට ඔවුන් මේ CM5 Chromebook එක අවුන්  push කරන්නේ cloud-based gaming device එකක් විදිහටයි. 

ඉතින් මේ Chromebook එකේ තවත් special දෙයක් තමයි Google Stadia සහ Nvidia GeForce දෙකටම support කිරීමයි. මේ Chromebook එකෙන් gaming laptop එකක නොවුනත් අපිට ඊට සමාන specs සහ features බලාගන්න පුළුවන් වෙනවා, 60Hz screen එකක් සහ Radeon integrated graphics බලාගන්න පුළුවන්. Asus සමාගම මේ CM5 Chromebook එකට ගොඩක් හොද aesthetic එකක් දීල තියෙනවා. ඉතින් ගොඩක් gaming laptop වල වගේ මේ Chromebook එකෙත් අපිට orange වලින් outline කරපු WASD keys බලාගන්න පුළුවන්. මේ නිසා users ලට gameplay එකක් අතරතුර ලිසින්ම මේ keys හොයාගන්න පුළුවන් වෙනවා. 

ඉතින් මේ අලුත් CM5 Chromebook එකේ specs සහ features ගැන කතා කරොත් අපිට Harmon Kardon-certified audio system සහ Wi-Fi stabilizer technology එකක්, 57Wh battery(10 hours of battery life),AMD Radeon integrated graphics , 8GB of RAM සහ 128GB of storage,  ඒ වගේම Ryzen 5 3500C නැත්නම් Ryzen 3 3250C දෙක අතර තෝරාගන්න පුළුවන් වෙනවා.