Tesla කියන්නේ විදුලියෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගමක්. Tesla සමාගමේ Tesla S මෝටර් රථය අති විශාල ජනප්රියත්වයක් හිමිකරගත් මෝටර් රථයක් බවට පත් වුනා. ඉතින් මේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය වන Tesla X මෝටර් රථය 2015 වසරේ මැද භාගයේදී නිකුත් කිරීමට නියමිතයි.
සුපිරි SUV රථයක් වන Tesla X මෝටර් රථයත් සම්පූර්ණයෙන්ම ධාවනය වන්නේ විදුලි බලයෙන්. ලිතියම් අයන් බැටරි රාශියක් යොදාගනිමින් බල ගැන්වෙන මේ මෝටර් රථයට තත්පර 5ක් ඇතුලත පැයට සැතපුම් 60ක් දක්වා වේගයක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම 60 kWh හා 85kWh ලෙස බැටරි ආකාර 2කින් නිකුත් කිරීමට නියමිත Tesla X මෝටර් රථය එක් වරක් බැටරි ආරෝපණයෙන් කිලෝමීටර් 230ත් 300ත් අතර ප්රමාණයක් ධාවනය කිරීමේ හැකියාව තිබෙනවා.
මෙලෙස විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා වැඩි අවධානයක් යොමුවී ඇති මේ කාලයේ ලංකාව තුල වැඩිම අලෙවියක් ඇති විදුලි මෝටර් රථය වන Nissan Leaf මෝටර් රථය පිළිබඳව අප දෙරණ TechGuru වැඩසටහනේදී අවධානය යොමුකලා. මේ දැක්වෙන්නේ එම වීඩීයෝපටය යි.
Tesla X මෝටර් රථයේ තවත් ඡායාරූප පෙළක්.
[signoff predefined=”Tech Guru Facebook Like”][/signoff]