58 දෙනෙකු රැගත් ට්රාන්ස් ඒෂියා යානය තායිවාන අගනගරයේ තායිපේ ගංඟාවට කඩාවැටී තිබෙනවා. දැනට වාර්තාවන අයුරින් මෙම අනතුරින් 9 දෙනෙකු මියගොස් ඇති අතර මේ වන විටත් තායිවාන සහන හමුදා විසින් අනතුරට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. කාර්යමණ්ඩලය 5 දෙනෙකු ඇතුලු 58 දෙනෙකු මේ යානයේ ගමන්ගෙන ඇති අතර ඒ අතරින් 31 දෙනෙක් චීන ජාතිකයින්.
ඒ වගේම ඇසින් දුටුවන් පවසන පරිදි යානය කඩා වැටෙන අවස්ථාවේම පුද්ගලයින් දෙදෙනකුගේ සිරුරු පොළවට පතිත වී ඇති අතර ගුවන් යානය ගැටීමෙන් කුලී රථයකටද හානි සිදුවී ඇත.
පහතින් දැක්වෙන්නේ ඒ අවස්ථාවේ ගමන්ගත් මෝටර් රථයක ඉදිරිපස කැමරිවේ සටහන් වූ අනතුරේ වීඩියෝ පටයකි.
https://www.youtube.com/watch?v=6BIsUCQEv_8
තායිපේ හි සොංස්හාන් ගුවන් තොටුපලෙන් ගුවන් ගමන් අරඹා මද වේලාවකින් සිදුවූ මේ අනතුර සිදුවීමට හේතුව වන්නට ඇත්තේ එසැවුම් බලය ප්රමාණවත් නොවීම දැයි තායිලන්ත බලධාරීන් සැකපළකරයි. මීට මාස 7කට පමණ පෙරත් මේ ලෙස ට්රාන්ස් ඒෂියා ගුවන් යානයක් අනතුරට පත්වූ අතර, තායිපේ සිට පෙන්ගූ දක්වා ගමන් ගත් Flight GE222 යානයයි එලෙස අනතුරට පත්වූයේ. එම අනතුරින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.





I am really warred about this
Comments are closed.