ශ්‍රී ලංකා අන්තර්ජාල දිනය 2021- ඩිජිටල් යුගය

0
927

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්ත සෙම්මේලනයේ (FITIS) ඩිජිටල් සේවා පරිච්ඡේදය ඔවුන්ගේ “අන්තර්ජාල දිනය 2021” අප්‍රේල් 6 වන දින පැවැත්වීමට නියමිතය. මෙම දෙඩීම වැඩමුළුව තාක්ෂණ අමාත්‍යංශය සහ අධ්යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ ඉගෙනුම් ප්‍රවර්දන අමාත්‍යාංශය සමග එක්ව පවත්වනු ලැබේ.

මෙම වසරේ තේමාව වන ‘ඩිජිටල් වලොගුතාවය’ යනු, අනාගත ආර්ථික හා සමාජීය අබියෝගයන්ට මුහුණ දීම සදහා ඩිජිටල් ආර්ථිකයට ප්ර්මුකයව ලබා දීමේ අවශ්‍යතාව රට විසින් පිළිගැනීමයි. ඊට අමතරව, ඩිජිටල් සමාජයක් තුළ පුරවැසියන්ගේ සහබාගිවය සහ ප්‍රවේශය, දැරිය හැකි මිල සහ ඩිජිටල් හැකියාව  අනුව එහි දනාත්මක බලපෑම ප්‍රදර්ශනය කිරීම ද ‘ඩිජිටල් වලංගුතාවය’ ලෙස අදහස් කරයි.

FITIS හි ඩිජිටල් සේවා පරිච්පෙදයේ සහාපති පිෆ්රි සුල්ෆ්රි මහතා පවසන්නේ, සමානාත්මතාවය සහ ව්ලොගුතාවය ඈති කිරීම සදහා ක්‍රීඩා පිටිය මට්ටම් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවදානය යොමු කළ යුතු බවයි. “මෙහිදී අප තේරුම් ගත යුතු දෙය නම් කලාපයේ බොහෝ රටවල් සම්බන්දයෙන් ගත් කල, අපගේ මුල්දර්ම හා යටිතල පහසුකම් සම්බන්දයෙන් අප ඉදිරියෙන් සිටින බවයි. ඒ සදහා සෑම දෙයක්ම දැන් ක්‍රියාත්මකයි. එයට අවශ්‍ය වන්නේ අපගේ වින්තන්යේ වෙනසක් ඇති කිරීම් පමණි. ඒ සදහා අප ප්‍රතිපත්තිවල හා නියාමනයේ වෙනසක් අවශ්‍ය වන අතර එමගින් ව්‍යවසාය හා ආයෝජන ඉහල නංවමින් සමෘද්ධිය පිරමිඩයේ පතුලටම තල්ලු කිරීමේ හැකියාව උදා වනු ඇත.”

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.4 ක් වන අතර ජනගහනයෙන් 80% ක් (මිලියන 17) ජංගම දුරකථන භාවිතා කරන්නන් වේ. කෙසේ වෙතත්, ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල ජංගම සම්බන්ධතා 145% (මිලියන 31) කි. අන්තර්ජාල භාවිතය 70% කින් ඉහළ ගොස් ඈති අතර මිලියන 3.8 ක් ඔවුන්ගේ ස්මාර්ට්ෆෝන් හරහා අන්තර්ජාලයට පිවිසෙන්නේ මිලියන 10.9 ක අන්තර්ජාල පරිශිලකයීන් ලෙසය. මිලියන 7.9 ක් ක්‍රියාකාරී සමාජ මාධ්‍ය භාවිත කරන්නන් රට තුල සිටි. ජනගහනයෙන් 92% කට අන්තර්ජාල අවරන්යක් ඇත. මෙහිදී අප අන්තර්ජාල ආවරණ 100 ක් ලබා ගනිමින් කලාපයේ බොහෝ දෙනාට වඩා ඉදිරියෙන් සිටිමු. කෙසේ වෙතත් මෙහිදී වැදගත්ම කැරන නම්, අන්තර්ජාලයේ වටිනාකම සහ එය නිසි ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිලිබදව දනුවන් කිරීමයි. ඊලග කාරණය වන්නේ අන්තර්ජාලය හරහා රජයේ සේවාවන් සක්‍රිය කිරීමයි. 

මෙහිදී ” අපගේ දේශීය වයපාර වෙළදපල ප්‍රවනතා අවබෝධ කර ගනිමින් එය ඔවුන්ගේ වාසියට යොදා ගත යුතුය. එමගින් ක්‍රීඩා පිටිය මට්ටම් වනු ඇත. අපගේ ආර්ථිකයේ ඩිජිටල් අඔෂ්‍ය දැන් සෘජුවම අතිගරු ජනාධිපති තුමා යටතේ පැවතේ වීම දිරියට කරුණකි. එසේම ත්ක්ෂනිකව දියුණු ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ දැක්ම සනධිපති තුමා විසින් විග්‍රහ කර ඇති අතර එම දියුණුව කරා යාමේ ඉගිය අප ඔහුගේ දැක්මෙන් ලබා ගෙන ඇත. එසේම මෙම අවස්ථාවට කොන්දේසි විරහිතව සහයෝගය ලබා දුන් රටේ ප්‍රමුඛ ඩිජිටල් ඒජන්සිය වන ICTA සමහ සම්බන්ධ වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. 

ඉදියාවේ මයික්‍රොසොෆ්ට වෙන්ච්ර් කැපිටල් සහ පුත්ගලික කොතස් හවුල්කරිත්වයේ ප්‍රධානි සහ මෙම අවස්ථාවට සම සහපතිනිය වන ලතික පායි අදහස් දක්වමින් කියාසිටියේ,”ශ්‍රී ලෝකව ඩිජිටල් භාවිතයේ තීරණාත්මක ප්ර්තයවර්තක අවස්ථාවක්  සිටින බවයි. මෙය වේගවත් කිරීම සදහා රාජ්‍ය හා පෞත්ගලික ආයතන එකිවිම වැදගත් වන අතර එමහින් රටේ ආර්ථිකයේ සංයුක්ත වර්ධනයක් ඇති වන බව වැඩි දුරටත් කියා සිටියාය.”  

මෙම දෙදින උත්සවය දී සැසි 40ක් සවත්වෙන අතර එහිදී වැදගත් මාතෘකා කිහිපයක් පිලිබදව රාජ්‍ය හා පුත්ගලිය අංශයේ නායකයින් සහ විශේෂයයින් විසින් සාකච්ජා කරනු ඇත. කුඩා හා මාධ්‍ය පරිමාන වියාපාර, සමාජ මාධ්‍ය අන්තර්ක්‍රියා සහ ප්‍රජා සහභාගිත්වයට හේතු වන ප්‍රධාන සාධක කෙරෙහි අවධානය යොමු කරමින් පුළුල් පරාසයක මාතෘකා මෙම සැසිවාරයෙන් ආවරණය කෙරේ. අනාගත දිජිටල්කරණයට අදාළ මාතෘකා, ඩිජිටල් දැක්ම, ඩිජිටල් උපයාමරග ඩිජිටල් ප්‍රතිපත්ති, ඩිජිටල් ගෙවීම්, ඩිජිටල් සදුන ගැනීම, ඩිජිටල් ආරම්භක, ඩිජිටල් වර්දනය, ආයෝජකයින්, ඩිජිටල් කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර, විදේශීය වෙළදපොළවල් සදහා ඩිජිටල් නිෂ්පාදන, ඩිජිටල් බදු, ඩිජිටල් සන්නිවේදනය, ඩිජිටල් අධ්‍යාපනය සහ තාක්ෂනය වැනි වැදගත් මාතෘකා රැසක් පිලිබදව මෙහිදී මෙහිදී සකච්චා කෙරෙයි. මෙහි සමහර සැසි සිංහල සහ  දෙමල යන භාෂා ද්විත්වයෙන්ම පවත්වනු ලැබේ.

සෑම සැසියක්ම විශේෂයින්, විෂය ගුරුවරුන් සහ අභිප්‍රේරණ කථිකයින් විසින් ආමන්ත්‍රනය කරනු ලබන අතර ඔවුන් අදාළ කණ්ඩායම්වලට අන්තර්ජාලයෙන් ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරය සහ මුළු රටටම ඩිජිටල් වලොගුතාවය කිරීම් ලක හැකි දේ පිලිබදව වටිනා අවබෝධයක් ලබා දෙනු ඇත.