සෝනි සමාගම කියන්නේ ජංගම දුරකථන ක්ෂේත්රය තුල හොඳ නමක් දිනා සිටින සමාගමක්. ජලය මඟින් සිදුවන හානි වලට ඔරොත්තු දෙන ජංගම දුරකථන හරහා වැඩි අවධානයක් දිනාගන්නට සමත්වුන් Sony සමාගම පසුගිය දා අපූරු වෙළඳ ප්‍රචාරණ ක්‍රමයක් අනුගමනය කලා. ඒ ඩුබායි මුහුදේ මීටර් 4ක් යටින් Sony Xperia Aquatech නමින් වෙළඳසැලක් විවෘත කරමිනි.
ඒ අනුව මින් පසුව මේ නව වෙළඳ සැලේදී ජලයට ඔරොත්තු දෙන සෝනි ජංගම දුරකථන අලෙවි කිරීමට සෝනි සමාගම කටයුතු යොදා තිබෙනවා. හැබැයි මේ අලෙවි සැලට ඇතුල්වීම අවසර ඇත්තේ බොහෝම සීමිත පිරිසකට පමණයි. ඒ අතර ප්‍රභූ අය මෙන්ම ජනප්‍රය අය ඇතුලත්. නමුත් මාධ්‍යවේදීන්ටත් මේ අපූරු වෙළඳසැල විවෘත කිරීමට නියමිතයි.
ඒ කොහොම වුනත් එහි යාමට නම් දිය යට කිමිදීම සඳහා කිමිදුම් ඇඳුම් හැඳ වෙනම තටාකයක පුහුණු වීම වලින් පසුවයි මේ අපූරු වෙළඳසැලට ඇතුල්වීමට ඉඩ ලැබෙන්නේ.