Smart Watch එහෙමත් නැත්නම් ස්මාර්ට් ඔරලෝසු මේ වන විට බොහෝ දෙනා අතර කතා බහට ලක්වෙන කාරනයක් වෙලා. ඇත්තටම ස්මාර්ට් ඔරලෝසුවක් කියන්නේ ඔරලෝසුවකින් කෙරෙන වේලාව බැලීම යන සීමිත කාරණවට එහා ගිය, දුරකථන ඇමතුම් ලබා ගැනීම, ජායාරූප ගැනීම, සෞබ්‍ය තත්වය දැනගැනීම, කාලගුණික තත්වය දැනගැනීම වැනි විවිධ කාරණා රාශියක් සඳහා සහාය දක්වන අතේ පැළඳිය හැකි උපකරණයක්.
ඉස්සර Night Rider ටෙලි නාට්‍ය මාලාවේ මයිකල්ගේ ඔරලෝසුව සත්‍ය දෙයක් නොවූවත් දැන් දැන් විවිධ සමාගම් ස්මාර්ට් ඔරලෝසු නිපදවීමට පටන් අරන්. ඒවා අතරින් Pebble, Gear වැනි මාදිලි බෙහෙවින් ජනප්‍රියයි.ඒත් ඇයි මේ ස්මාර්ට් ඔරලෝසු, සාමාන්‍ය කටු කැරකෙන ඔරලෝසු වගේ වෙන්න බැරිද? මේ ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ඉදිරිපත් වුණු ස්මාර්ට් ඔරලෝසුවක් තමයි මේ.
Gábor Balogh නම් හන්ගේරියානු ජාතික නිර්මාණශිල්පියා විසින් නිර්මාණය කරන ලද මේ ඔරලෝසුව ස්වීඩන් Triwa නම් ඔරලෝසු නිෂ්පාදන සමාගමේ Havana නම් ඔරලෝසුවේ හැඩය හා ලක්ෂණ ඇසුරින් නිර්මාණය කරන ලද ස්මාර්ට් ඔරලෝසුවක අනුරුවකි. උසස් තත්වයේ සාම්ප්‍රදායික ඔරලෝසුවක පෙනුමෙන් යුක්ත වුවත් මේ ඔරලෝසුවේ මුහුණත ස්පර්ශ සංවේදී වන අතර එය ස්පර්ශ කිරීමෙන් ගීත වාදනය, ඇමතුම් ලබාගැනීම වැනි පහසුකම් මෙන්ම තමා සිටින ස්ථානය පිළිබඳවත් තොරතුරු මේ ඔරලෝසුව හරහා භාවිත කරන්නට ලබාගත හැකියි.
Samsung වැනි සමාගම් වල ෆැන්ටසි ආකාරයේ ඔරලෝසු වලට අකමැති පිරිස අතර මෙවැනි ඔරලෝසු ජනප්‍රිය වනු ඇති බව Syco Me අපගේ මතයයි.
All images copyright and published with the express permission of Gábor Balogh