Samsung සමාගමේ අලුත්ම Odyssey gaming laptop එක.

0
592

ඔන්න දැන් Samsung සමාගම ඔවුන්ගේ අලුත්ම gaming laptop එකක් announce කරලා තියෙනවා, ඒ තමයි Galaxy Book Odyssey කියන gaming laptop එක. මේ gaming laptop එකේ තියෙන විශේෂත්වයක් තමයි Nvidia සමාගමේ unannounced graphics cards දෙකක් මේ  laptop එකට දීලා තියෙන එක. ඉතින් මේ unannounced graphics cards දෙක තමයි Nvidia GeForce RTX 3050 Ti සහ  3050 කියන graphics cards දෙකයි.

ඉතින් මේ Galaxy Book Odyssey gaming laptop එක 15.6-inch (1080p) gaming laptop එකක් වෙනවා, ඒ වගේම Intel සමාගමේ 11th Gen Core H i5 නැත්නම් i7 processors,  32GB of RAM සහ 2TB of SSD storage එක්ක ship කරනවා. මේ තැන තියෙන විශේෂත්වය තමයි RTX 3050 සහ RTX 3050 Ti GPU අතර choice කරගන්න පුළුවන් වීමයි. Samsung සමාගම මේ අලුත් Nvidia graphics cards ගැන details මොකොත් provid කරලා නෑ, ඒ වගේම Nvidia සමාගම මේ graphics cards announce කරලත් නෑ. ඒ නිසා අපිට මේ අලුත් graphics cards ගැන තියෙන්නේ ගොඩක් details ප්‍රමාණයක් විතරි. 

මේ Galaxy Book Odyssey gaming laptop එකේ features සහ I/O දිහා බැලුවම 720p webcam එකක්, fingerprint reader එකක්, microSD card reader එකක්, USB-C ports දෙකක්, USB 3.2 ports තුනක්, HDMI port එකක් සහ network port එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ laptop එක “mystic black” කියන colour එකෙන් available වෙනවා.  ඉතින් අපි හිතනවා මේ Galaxy Book Odyssey gaming laptop එක ඉක්මනටම ලංකාවට ඒවි කියලා.