Samsung සමාගමේ අළුත්ම Chromebook එක.

0
636

ඔන්න දැන් Samsung සමාගම ඔවුන්ගේ අලුත්ම Chrome OS laptop එක release කරලා තියෙනවා, ඒ තමයි Galaxy Chromebook 2 laptop එක. ඉතින් මේ අළුත් laptop එකේ special features විදිහට බලාගන්න පුළුවන් වෙන්නේ QLED display සහ 360-degree hinge එකයි. ඉතින් මේ අළුත් laptop එක  colour options දෙකකින් බලාගන්න පුළුවන් වෙනවා, ඒ තමයි  Fiesta Red සහ Mercury Gray. ඉතින් මේ laptop එක models  දෙකකින් බලාගන්න පුළුවන් වෙනවා, ඒ තමයි 10th-gen Intel® Celeron® Processor එකක් සහ Intel® Core™ i3 Processor එකක් සමගයි. ඒ වගේම මේ Galaxy Chromebook 2 laptop එක හදල තියෙන්නේ solid aluminium වලින් වෙනවා.

ඉතින් මේ අළුත් laptop එකේ thickness එක වෙන්නේ 13.9mm වෙනවා, ඒ වගේම මේ laptop එකේ එකේ බර 1.2KG වෙනවා. ඉතින් තවත් features ගැන කතා කරොත් අපිට easy-to-use lattice backlight keyboard එකක්, USB-C type ports දෙකක්, microSD card slot එකක්, headphone/mic jack එකක්, 13-hour battery life once fully charged, Wi-Fi 6, Smart Amp technology detects speakers සහ 64GB | 4GB RAM / 128GB | 8GB RAM එකක් වගේ ගොඩක් features බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් Samsung සමාගමට අනුව මේ Galaxy Chromebook 2 laptop එක වඩාත්ම සුදුසු වන්නේ businessman ලට සහ college students ලට බවයි. 

ඉතින් අපි හිතනවා මේ Galaxy Chromebook 2 laptop එක ඉක්මනටම ලංකාවට ඒවි කියල.