ලොව තාක්ෂණික නිපැයුම් ක්ෂේත්රයේ ප්රමුඛයා වන Samsung සමාගම මෙවර පැවැත්වීමට නියමිත “CES” (Consumer Electronic Show) හිදී එතෙක් මෙතෙක් නිර්මාණය කරන ලද විශාලතම රූපවාහිනිය එළිදැක්වීමට නියමිත බව වාර්තාවෙනවා. මෙය සඳහා Samsung සමාගම නවතම තාක්ෂණයක් උපයෝගී කරගෙන ඇති බව සඳහන්වෙනවා.
මොකක්ද මේ අලුත්ම Samsung Wall රූපවාහිනිය

මෙවර Samsung සමාගම “CES” සඳහා ඔවුන්ගේ නවතම MicroLED තාක්ෂණයෙන් බලගැන්වුණු රුපවාහිනී යන්ත්ර කිහිපයක් එළිදැක්වීමට යන බව සඳහන් වෙනවා. ඒ අතර අඟල් 75 සහ අඟල් 219 ප්රමාණයේ රුපවාහිනී යන්ත්ර සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වී ඇති බව කාගේත් කතාබහට ලක්වී තිබෙන අතර, මෙය නවතම 8K තාක්ෂණයෙන් සමන්විත වෙනවා.
2018 වර්ෂයේ “CES” සඳහා Samsung සමාගම ඉදිරිපත් කළ අඟල් 146 කින් යුතු 4K තාක්ෂණය යොදාගෙන නිර්මාණය කළ රුපවාහිනියට පසුව හඳුන්වාදීමට යන මෙම රුපවාහිනියන්ට බොහෝදෙනාගේ හොඳ ප්රතිචාර ලැබේයැයි කාගේත් අදහස වී තිබෙනවා.
මොකක්ද මේ CES

ලොව විශාලතම තාක්ෂණික නිපැයුම් එළිදැක්වීම් කිහිපයන්ගෙන් එකක් වන මෙය, සෑම වසරකදීම ඇමරිකාවේ හිදී පැවැත්වෙනවා. මෙය සඳහා ලොව පුරා සිටින ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගම්, නවක නිපැයුම් කරුවන් සහ තාක්ෂණික ලෝකයේ දැවැන්තයන් සහභාගී වෙනවා. මෙවරත් “Consumer Electronic Show”,(2018.01.08) වන දින එනම් හෙට දිනයේදී ලාස් වේගාස් හීදී ආරම්භ වීමට නියමිතයි.
මෙවර “CES” සඳහා නවතම තාක්ෂණයන්ගෙන් යුතු නිපැයුම් රැසක් එළිදැක්වීමට නියමිතයි. හෙටින් ආරම්භවන Consumer Electronic Show තුළ සිදුවන අලුත්ම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.