Rode සමාගමේ අලුත්ම Connect app එක.

0
704

ඔන්න Rode සමාගම ඔවුන්ගේ අලුත්ම app එකක් හදුන්වා දීල තියෙනවා, ඒ තමයි Rode Connect කියන app එක. podcast එකක් වගේ පටන් ගන්න කෙනෙකුට හොදම mic එකක් වෙන්නේ USB microphone එකකුයි. ඒ මේ USB microphones easy to use and cost effective වන නිසා. ඉතින් podcast එකක් කරන කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් එකම තැන තමයි කිහිප දෙනෙක් mic කරන්න යන කොටයි. මේකට solution එකක් විදියට තමයි Rode සමාගම මේ app එක release කරලා තියෙන්නේ.

ඉතින් මේ app එක නම් කරලා තියෙන්නේ Rode Connect කියලයි. මේ app එකෙන් multitracks record කරන්න නැත්නම් mixed stereo audio වගේ දෙවක් මේ app එකෙන් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ  Rode Connect app එකට USB microphones හතරක් plug කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ  Rode Connect app එකට දැනට use කරන්න පුළුවන් වෙන්නේ Rode සමාගමේ $99 NT-USB Mini කියන microphone එක විතරයි. මේ Rode Connect app එක දිහා අපිට Rode සමාගමේ ලොකු hardware mixer එකේ virtual version එක කියල හිතන පුළුවන්. මේක ගොඩක් useful වෙන්න පුළුවන් external mixer එකක් නැත්නම් XLR microphone එකක් නැති කෙනෙක්ටයි.

මේ Rode Connect app  එක ගොඩක් හොද උනාට, මේකේ ගොඩක් ප්‍රශ්න එනවා.  ඒ එකක් තමයි  අපි කවුරුත් දන්නවා NT-USB Mini එක කියන්නේ Rode සමාගමේ තියෙන best-sounding USB microphone එක නෙමෙයි කියලා, එක නිසා අපිට limited sound quality එකක් විතරයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම 2020 Mac book එකක් තියෙන කෙනෙක්ට directly mics හතරක් Connect කරගන්න බැරි වෙනවා, මොකද මේ Mac book එකේ තියෙන්නේ ports දෙකක් නිසයි. ඉතින් අපි හිතනවා ඔබට මේ තොරතුරු ගොඩක් useful වෙන ඇති කියලා.