මුහුණේ විකෘතිතාවයක් ලෙස නාසයක් නොමැතිව ඉපදුණු ළදරුවෙක් ඇලබාමා වලින් වාර්තා වනවා. Eli Thompson නම් වෙන මේ දරුවා පසුගිය මාර්තු 4 වනදා උපත ලබා ඇත. ජන්මයෙන්ම සිදුවන විකෘතිතාවක් වන Arhinia හෙවත් බාහිර නාසයක් නොමැති බව අතිශය දුර්ලභ විකෘතිතාවයක් වන අතර එය පුද්ගලයින් මිලියන 197කට එකක් තරම් දුර්ලභ අවස්ථාවක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මීට පෙර මෙවැනි දරු උපතක් වාර්තා වී ඇත්තේ 1931 වසරේ දීයි.
කෙසේ වෙතත් එලීගේ මේ අසාමන්‍ය පිහිටීම ඔහුගේ සෞබ්‍ය තත්වයට එතරම් බලපෑමක් නැති බවත්, ඔහු නීරෝගී සුවයෙන් පසුවන බවත් පැවසෙනවා. ඒ වගේම මේ වන විට ශ්වසන අපහසුතා යථාතත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා. මෙලෙස අසාමාන්‍ය පිහිටීමක් සහිතව උපන් ඔහු මේ වන විට ෆේස්බුක් හරහා අති විශාල ප්‍රසිද්ධියක් හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම ඇය වෙනුවෙන් ඇරඹුනු අන්තර්ජාල අරමුදලටත් මේ වන විට ඩොලර් 15000කට ආසන්න මුදලක් එක්කාසු වී තිබෙනවා. මේ මුදල් එලීගේ ඉදිරි ශල්‍යකර්ම සඳහා යොදාගන්නා බවයි ඔහුගේ මව්පියන් පවසන්නේ.