මහේලට දියණියක්

0
687

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙහි ප්‍රබල පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන විවාහයෙන් වසර අටකට පසු පිය පදවිය ලබා ඇත.

පසුගිය දෙසැම්බර් තුන්වනදා මහේල – ක්‍රිස්ටිනා යුවලට දාව සිඟිති දියණියක් උපත ලබා ඇත. 2005 වසරේ නොවැම්බර් මස 03 වනදා මහේල විවාහ වුයේ ක්‍රිස්ටිනා සිරිසේන සමගිනි.

වසර අටකට පසු පියපදවිය ලැබූ මහේල ජයවර්ධන ඒ වෙනුවෙන් පාකිස්තානය සමගින් ඩුබායි, අබුඩාබි හා සාජාහි පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලිය හා තරග පහකින් සමන්විත එක්දින තරගාවලියට සහභාගී වීමෙන් වැළකුණි.

මහේල ජයවර්ධන තවමත් සිය දියණියගේ ජායාරූපයක් මාධ්‍යයට නිකුත් කර නොමැත. මහේල සිය දියණියගේ උපත සඳහන් කල ට්විටර් පණිවුඩය පහතින් බලන්න.