GoPro අලුත්ම Action කැමරා මෙන්න

0
903
Image Copyright : pocket-lint.com

Action කැමරා කිව්වම ඕනෑම කෙනෙකුට එකපාරම මතක්වෙන නමක් තියෙනවා. ඒ “GoPro” කැමරා. ඒකට හේතුව තමයි මේ කැමරාවල ඇති ඉතා ඉහල ගුණාත්මක භාවය. මේ කැමරා විශේෂයෙන්ම Travel, Stunt කරන පිරිස් අතර ඉතාමත් ජනප්‍රියයි. ඉතින් දැනටමත් Action කැමරා එකක් තියන කට්ටියට වගේම, අලුතෙන් Action කැමරා එකක් ගන්න ඉන්න කට්ටියට හොඳ ආරංචියක් GoPro සමාගමෙන් නිකුත් කර තිබෙනවා. ඒ තමයි අලුත්ම “GoPro” කැමරා මාදිලිය.

මෙම කැමරා ද්විත්වය “GoPro Hero 8 Black” සහ “GoPro Max” ලෙස වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත අතර මෙම කැමරාවල පෙර “GoPro” කැමරා වල නොතිබුණු විශේෂ අංගයන් කිහිපයක්ම අඩංගුයි. මෙන්ම, මෙම කැමරාව භාවිතය පහසු කිරීමටත් විශේෂ අංගයන් කිහිපයක්ම එක්කොට තිබෙනවා. “GoPro Hero 8 Black” කැමරාව තුළ ඇති එක සුවිශේෂී කරුණක් වන්නේ, කමරාවටම ඇති Mounting System එකයි. ඒ අනුව මින් පසුව මෙම කැමරාව රඳවා තබා ගැනීමට අමතර Mounting frames, suction mounts සහ body mounts ආදිය මිලදී ගැනීමට අවශ්‍යතාවක් නොවීමයි.

මෙම “GoPro Hero 8 Black” කැමරාව සතුව 1080p – 4K ඡායාරූප මෙන්ම වීඩියෝපට ලබාගැනීමට හැකියාව තිබෙන අතර HyperSmooth 2.0, TimeWarp 2.0 ආදී යාවත්කාලීන කිරීම් කිහිපයක්ම මෙම කැමරාව සතු වේ. ඇමරිකානු ඩොලර් 399 වැනි මිලකට හඳුන්වාදුන් මෙම “GoPro Hero 8 Black” කැමරාවට අමතර උපාංග කිහිපයක්ම හඳුන්වාදී තිබෙනවා. “Mods” ලෙසින් නම්කර ඇති මෙම අමතර උපාංග අතර Media Mod, Display Mod සහ Light Mod වැනි දේ අඩංගු වෙනවා.

“GoPro MAX” කැමරාව සතුව ඉතා සුවිශේෂී කැමරා කාචයක් ඇති අතර  එමඟින් අංශක 360 ක ඡායාරූප මෙන්ම වීඩියෝපට ලබාගැනීමට හැකියාව තිබෙනවා. එමෙන්ම මෙම කැමරාවටම ආවේණික වූ “stabilization” තාක්‍ෂණයක් GoPro සමාගම විසින් හඳුන්වාදී තිබෙන අතර එය “Max HyperSmooth” ලෙසින් නම් කර තිබෙනවා. එමඟින් වඩාත් පැහැදිලි ඡායාරූප, වීඩියෝපට ලබාගැනීමට හැකියාව තිබෙන අතර “GoPro MAX” කැමරාවේ මිල ඇමරිකානු ඩොලර් 499 ලෙස සඳහන් වෙනවා.

මෙම කැමරා ද්විත්වයම මේ වනවිට Pre-order කිරීමට හැකියාව පවතින අතර “GoPro Hero 8 Black” කැමරාව ඔක්තෝබර් 15 වෙනිදා සිට බෙදාහැරීම ආරම්භ කිරීමට නියමිත අතර “GoPro MAX” කැමරාව ඔක්තෝබර් 24 වෙනිදා සිට බෙදාහැරීම ආරම්භ කිරීමට නියමිතයි. ඔබටත් මේ ගැන වැඩිදුර තොරතුරු පහත link එක මඟින් “GoPro” නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගැනීමට හැකියාව ඇත.