Google I/O කියන්නේ ලෝකයේ තියෙන ලොකුම Tech Events වලින් එකක්. සෑම වර්ෂයකම පවත්වන මෙම Event එක මෙවරත් පැවැත්වුණා. එහිදී Google සමාගම විසින් අළුතින්ම හඳුන්වාදීමට යන තාක්ෂණික උපාංග මෙන්ම දැනට ඇති Google Products වලට එන අළුත්ම Updates රැසක් ද මෙහිදී ලෝකයට හඳුන්වාදෙනු ලැබුවා. එයින් ප්‍රධාන තොරතුරු කිහිපයක් මෙම ලිපියෙන් කතා කරමු.
Google Pixel 3a සහ Google Pixel 3a XL දුරකථන

Google සමාගම විසින් මෙම වසරේ එන නවතම Pixel දුරකථන දෙක වන Google Pixel 3a සහ Google Pixel 3a XL මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා. මෙම දුරකථන දෙකම Mid Range දුරකථන ලෙස වෙළදපොලට නිකුත් කරන බව ඔවුන් පවසා සිටියා. එම නිසා මෙම දුරකථන ද්විත්වයේම මිළ පෙර නිකුත් වූ Google Pixel 3 සහ Google Pixel 3 XL මාදිලියේ දුරකථන ද්විත්වයට සාපේක්ෂව තරමක් අඩුයි. ඒ වගේම Specs අතිනුත් තරමක් අඩුයි.
පෙර Pixel 3 මාදිලියේ දුරකථන ද්විත්වයේ තිබූ Snapdragon 845 Chipset එක මෙම Pixel 3a මාදිලියේ දුරකථන ද්විත්වයට Snapdragon 670 දක්වා අඩු කොට තිබෙන අතර Wireless charging පහසුකමත් Pixel 3a මාදිලියේ දුරකථන වලින් ඉවත් කර තිබෙනවා. මෙම දුරකථන ද්විත්වය සතුව 64GB Memory ධාරිතාවක් හා 3.5mm Head Phone Port එකක් තිබෙනවා. මෙම දුරකථනය 5.6 ක පමණ විශාල තිරයක් සහ 12.2MP කැමරාවකින් සහ සෙල්ෆි කැමරාවකින් සමන්විත වෙන අතර, මෙම දුරකථනය ඇමරිකානු ඩොලර් 399 කට ආසන්න අමුදලකට වෙළදපොලට නිකුත් කරන බව Google ආයතන පවසනවා. එමෙන්ම අඟල් 6.0 ක තිරයක් සහිත Pixel 3a XL දුරකථනය ඇමරිකානු ඩොලර් 479 කට වෙළඳපොළට පැමිණීමට නියමිතයි.
Google Nest Hub Max

පෙර පැවති Google Home Hub, ප්‍රතිස්ථාපනය කර වෙළඳපොළට පැමිණි Nest Hub Device එකේ අළුත්ම සාමාජිකයා Nest Hub Max ඉතා ඉක්මනින් වෙළඳපොළට නිකුත්කරන බව Google සමාගම සඳහන් කර සිටිනවා. මෙහි තිරය අඟල් 7 සිට අඟල් 10 දක්වා පුළුල් කර නව කැමරාවක් ද සමඟින් වෙළඳපොළට පැමිණීමට නියමිතයි, මෙය Next App සමඟ බැදී ඇත. මෙහි පවතින විශේෂත්වය වන්නේ මෙහි ඇති කැමරාව Wide Angle Camera එකක් ලෙස ක්‍රියාත්මක වීමයි. මේ Divice එක ආරක්ෂක කැමරාවක් ලෙසද භාවිත කිරීමට හැකියි. එමෙන්ම මෙම කැමරාව ඕනෑම අවස්ථාවක Off කිරීමට හැකි Physical Button එකක්ද Nest Hub Max සතුව තිබෙනවා.
Nest Hub Max සතුව ඔබේ මුහුණේ ස්වභාවය වෙනස් වුවත් ඔබව හදුනා ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙම තාක්ෂණය ඔවුන් විසින් නිපදවූ විශේෂ පරිගණක තාක්ෂණයක් මගින් සිදු වන බව ඔවුන් වැඩි දුරටත් පවසනවා. මෙහි කැමරාව මගින් ලබා ගන්න දත්ත ඉවත් කිරීමක් සිදු නොකරන බව Google ආයතනය පවසනවා. මෙම සියලු පහසුකමක්ම සමඟින් Google Nest Hub Max ඇමරිකානු ඩොලර් 229 කට නුදුරේදීම වෙළදපොලට නිකුත් කරන බවට Google සමාගම පවසනවා.
Google Lens

මෙම මුළු Event එකෙන්ම වඩාත් ජනප්‍රිය අංගයක් ලෙස මෙය හැඳින්විය හැකිය. එක්තරා විදිහකින් අපේ වැඩ තවත් පහසු කිරීමට Google Lence එකට පුළුවන්. උදාහරණයක් විදිහට Hotel එකක Menu එකක් Scan කළ විට ඒ හෝටලයේ තියෙන හොඳම කෑම මොනාද කියලා Google Lense එක Suggest කරලා දෙනවා. ඒ වගේම Menu එකේ තියන නම් Google Lence එකෙන් Scan කළ විට ඒ Scan කරන නමට අදාළ අහාරය Hotel එකේ තියෙන විදිහටම ඡායාරූප විදිහට අපිට බලාගන්න පුළුවන්. මේ Google Lense එක මඟින් අපිට මුදල් රිසිට් පත් පවා Scan කර නිවැරදිව ගණනය කරගැනීමට පුළුවන්.

මේ අතර තවත් එක විශේෂ කාරණයක් නම් Google Search සඳහා මෙවර අළුත් දෙයක් හඳුන්වාදුන්නා. ඒ අපි Search කරණ දේවල් වල 3D Images බලන්න පුළුවන් වීමයි. උදාහරණයක් විදිහට “Man” කියලා Search කළ විට මිනිස් රුවක 3D Image එකක් Search Results වලදී අපිට දැකගන්න පුළුවන් වීමයි. මෙහි තවත් විශේෂයක් වන්නේ මෙම 3D Image අපේ මේසය, පුටුව හෝ ඕනෑම තැනක තියෙන විදිහටත් බලන්න පුළුවන් වීමයි. එයට හේතුව මේ සඳහා Computer Vision & Augmented Reality කියන තාක්ෂණයන් භාවිතා කොට තිබීමයි.
Google සමගම විසින් Google Lense එක නිෂ්පාදනය කරන විට ඔවුන්ටම ආවේණික විශේෂ ක්‍රම භවිත කර තිබෙන අතර මෙම Google Lense එක ඉදිරියට බොහෝ ජනප්‍රිය අංගයක් වීම නොඅනුමානයි.
Android Q

නවතම Android Q වල පැමිණෙන බොහෝ දේවල් පිළිබඳව Google ආයතනය මෙහිදී නිවේදනය කලා. මෙහි මුලික දේ තමයි ලෝකයේ මේ වන විට රැල්ලක් වී තිබෙන Foldables දුරකථනය ඉලක්ක කර ගනිමින් මෙය නිර්මාණය කිරීමට පෙළබිමයි. තවද නවතම Android Q, 5G තාක්ෂණයට ගැළපෙන අයුරින් නිර්මාණය කර තිබේ.
මිට පෙර Gmail සඳහා හඳුන්වා දී තිබු Quick Reply මෙවර Android Q තුළ කෙටි පණිවිඩ සඳහා හඳුන්වා දී තිබෙනවා.තවද මේ සඳහා Dark Theam පහසුකමද එක්කොට තිබෙනවා. ඒ සමඟම ඉදිරි මාස කීපය තුල ඔවුන්ගේ නවතම Google Pixel දුරකථනය සමග මෙම Android Q පැමිණීමට නියමිත අතර මේ වන විටත් Android Q Beta Version එක දුරකථන මාදිලි කිහිපයකට පැමිණ තිබෙනවා.
මෙවර Google I/O හිදී හඳුන්වා දුන් නවතම තාක්ෂණික අංග සියල්ලම නුදුරේදීම ලෝකවාසී සැමට භාවිතයට හැකියාව ලැබෙනු ඇති අතර එමඟින් සාමාන්‍ය එදිනෙදා ජනජීවිතයට වටිනා දේ බොහොමයක් ද එක්කර ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත.