පහුගිය කාලය bluetooth headset වලට නම් හොඳ කාලයක් නෙවෙයි. මොකද දැන් ගොඩක් අය ලොකු bluetooth headset එකක් කනේ පැළඳගෙන පාරේ යන්න ලැජ්ජයි. ඒක දැන් පරණ විලාසිතාවක් වෙලා. ඒත් ඒ පැරණි විලාසිතාවට අලුත් මුහුණුවරක් දෙන්නයි Motorola සමාගම මේ සුඳානම් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මොටොරොලා සමාගම විසින් අලුතෙන්ම හඳුන්වා දුන් Earbud එකයි. ඉතාමත් කුඩ ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරලා තියෙන මේ earbud එක සම්පූර්ණයෙන්ම කණ ඇතුලේ රැඳවිය හැකියි. Motorolla Hint නමිනුයි එය වෙළඳපලට නිකුත්වන්නේ.
ඕනම android දුරකථනයක් සමඟ සම්බන්ධ කල හැකි වුවත් සියළුම පහසුකම් ලබාගැනීමට නම් ඔබට Moto X ජංගම දුරකථනයක් තිබිය යුතු වෙනවා. $149.99 ක මිලකට වෙළඳපලට නිකුත් කර ඇති Moto Hint හට කරන්න පුළුවන් දේවල් ප්‍රමාණයනම් ඒ වගේ විශාල මුදලකට ප්‍රමාණවත් නැහැ. සාමාන්‍ය Earbud එකකට වගේම Calls ගන්න, answer කරන්න, විවිධ voice commands දෙන්න වගේ දේවල් තමයි මේ Moto Hint එකට කරන්න පුළුවන්. මෙහි ප්‍රධාන විශේෂත්වය වන්නේ එහි කුඩා පෙනුම. ඊට අමතරව කනෙහි ස්පර්ශ කල විගසම එය ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වීමට මේ Hint උපරකණයට හැකියාව තියෙනවා.
ඒ නිසා මෙහි කිසිදු button එකක් නැහැ. ඒ වෙනුවට capacitive ස්පර්ශ සංවේදී පෘෂ්ඨයත්, කටහඬට සංවේදීව ප්‍රතිචාර දැක්වීමටත් හැකියාව තිබෙනවා. කෙසේ නමුත් කුඩා නිසාත්, දැඩිව සම්බන්ධ වීමක් නොමැති වීමත් නිසා මේ උපරකණය පහසුවෙන් ගැලවී යාමට හැකියාව තියෙන බවයි පෙනීයන්නේ.
https://www.youtube.com/watch?v=CLEF-Rq39D4

[…] වෙළඳ නාම වල සැඟවුනු දේවල් 17ක් !කනේ ගානටම හැදූ අපූරු Bluetooth Headset එකක් ! – Moto…Derana Tech Guru Episode 07: තාක්ෂණය සිංහලෙන්Galaxy Note 4, Galaxy […]
so nice page
Comments are closed.