Microsoft සමාගමේ අලුත්ම Surface lineup එක.

0
144

ඔන්න දැන්  Microsoft සමාගම ඔවුන්ගේ Surface lineup එක refresh කරලා තියෙනවා, ඒ ඔවුන්ගේ අලුත්ම Surface Laptop 4 එක release කිරීමත් සමගයි. Microsoft සමාගම මේ අලුත් Laptop එකට options දෙකක් අතර choose කරගන්න දීලා තියෙනවා, ඒ options තමයි  AMD නැත්නම් Intel. ඉතින් ඕනෑම කෙනෙකුට මේ processors දෙකෙන් කැමති එකක් choose කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ Laptops sizes දෙකකින් මිලදී ගන්න පුළුවන්, ඒ 13.5 සහ 15-inch කියන models දෙක අතරයි. 
 

මේ Surface 4 Laptop models වල එන්නේ අලුත්ම Intel 11th Gen processors නැත්නම් AMD’s Ryzen 4000 series processors. ඉතින් Microsoft සමාගම කලින් තිබුණු Surface Laptop 3 lineup එකට වැඩ 70 percent more performance එකක් මේ අලුත් Laptops වලින් පොරොන්දු වෙනවා. ඒ වගේම Microsoft සමාගම 13.5-inch AMD model එකේ 19 hours of battery, 15-inch version එකේ 17.5 hours of battery, Intel-powered 13.5-inch model එකේ 17 hours of battery life සහ 15-inch model එකේ 16.5 hours of battery life එකක් පොරොන්දු වෙනවා

AMD නැත්නම් Intel 13.5-inch base model එකක අපිට 8GB/16GB/32GB of RAM සහ 256GB/512GB/1TB of storage බලාගන්න පුළුවන්, ඒ වගේම 15-inch side model එකක අපිට 16GB/32GB of RAM සහ 512GB/1TB of storage බලාගන්න පුළුවන් වෙනවා. අපි හිතනවා මේ Microsoft Surface Laptops ඉක්මනටම ලංකාවට ඒවි කියලා.