HoloLens headset එක හදුන්වා දුන් දිනයේදීම තමයි මේ Surface Hub එක හදුන්වා දුන්නෙත්. නමුත් HoloLens උපාංගයට තිබු අධික ඇල්ම නිසා තරමක් දුරට Surface Hub එකට තිබු අවධානය අඩු වුවා. මේ big pen display උපාංගය වඩාත් ප්‍රයෝජනවත් වන්නේ රැස්වීම් ශාලාවකට. ජනවාරි මාසයේදී මෙය හදුන්වා දුන්නත් නිකුත් වන දිනයක් හෝ මිල ගණන් පිලිබදව වැඩි විස්තරයක් ප්‍රකාශ කලේ නැහැ. නමුත් පසුගියදා එම නිල නිවේදනය නිකුත් වුණා. 4K, 84-inch උපාංගය $19,999 හා Full HD 55-inch උපාංගය $6,999 වැනි මුදලකට ලබා ගත හැකි වෙනු ඇත. මෙම උපාංගය Windows 10 නිකුත් වීමත් සමඟ ජුලි මාසයේදී වෙළද පොලට නිකුත් වීමට නියමිතයි.
Display device එකකට පමණක් මෙතරම් මුදලක් වැය කිරීම ගැටළුවක් තමයි. නමුත් අමතක කරන්න එපා Surface Hub එක සම්පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුතු Windows 10 පරිගණකයක්. මෙහිදීද වෙනත් සාමාන්‍යය පරිගනකයක ක්‍රියාත්මක වන මෘදුකාංග බොහොමයක් ඒ ලෙසින්ම ක්‍රියාත්මක වෙනවා.
මේ උපාංගය භාවිතය ඉතා පහසුය. Log වීමකින් තොරව display එක ලගට ඇවිදගෙන ගොස් ලිවීම අරඹන්නට පුළුවන්. මේ උපාංගය සමග පීඩනයට සංවේදී පෑන් දෙකක් ලැබෙනවා. මේවා කාන්දම් බලයෙන් display එකේ පැත්තකට සවි කල හැකිය. එවිට මේ පෑන අරෝපනයද වේ. මේ display එක එකවර touch points 100 ක් සදහා සහයෝගය දක්වනවා. එම නිසා එකවර පුද්ගලයන් කීපදෙනෙකුටම මෙහි ලිවීම සිදු කල හැකිය. තවද අනෙකුත් ස්පර්ශ සංවේදී තිරවල සියලුම පහසුකම් ද මෙහි ඇතුලත්.
Miracast පහසුකම ඇති Android උපාංගයක් සමග වුවද රැහැන් රහිතව Surface Hub එක සමග සම්බන්ධ විය හැක. මෙම උපාංගයේ specifications පහත පරිදිය.
Microsoft Surface Hub | ||||||
Surface Hub 55″ | Surface Hub 84″ | |||||
Dimensions | H: 31.75″ (806.4 mm) W: 59.62″ (1514.3 mm) D: 3.38″ (85.8 mm) |
H: 46.12″ (1171.5 mm) W: 86.7″ (2202.9 mm) D: 4.15″ (105.4 mm) |
||||
Weight | 105 lbs (48 kg) | 280 lbs (127 kg) | ||||
CPU | Intel Haswell (4th Gen) Core i5 | Intel Haswell (4th Gen) Core i7 | ||||
GPU | Intel HD 4600 | NVIDIA Quadro K2200 640 CUDA Cores | ||||
RAM | 8 GB | 8 GB | ||||
Storage | 128 GB SSD | 128 GB SSD | ||||
Display | 55″ 1920×1080 @ 120 Hz 1300:1 Contrast Ratio 100-point Multi-touch Three Simultaneous Active Pens Projective Capacitance optically bonded sensor |
84″ 3840×2160 @ 120 Hz 1400:1 Contrast Ratio 100-point Multi-touch Three Simultaneous Active Pens Projective Capacitance optically bonded sensor |
||||
Networking | Wired 1 Gbps Wireless 802.11ac Bluetooth 4.0 LE NFC Reader Miracast Enabled |
|||||
Ports | Internal PC (1) USB 3.0 (bottom) + (1) USB 3.0 (side access) (2) USB 2.0 Ethernet 1000 Base-T DisplayPort Video Output 3.5mm Stereo Out RS232 Serial Port RJ11 Connector for system level controlAlternate PC (2) USB 2.0 type B output, connection for: Camera Sensors Microphone Speakers Touchback™ (1) DisplayPort Video InputGuest PC DisplayPort Video Input HDMI Video Input VGA Video Input 3.5mm Stereo Input (1) USB 2.0 type B Touchback™ Output |
|||||
Sensors | (2) Passive Infrared Presence Sensors Ambient Light Sensors |
|||||
Speakers | (2) Front Facing Speakers | |||||
Microphone | High Performance, 4 Element Array | |||||
Cameras | (2) 1080p @ 30fps | |||||
Price | $6,999 | $19,999 |