Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් පසුගිය දවසක පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාර්ක් ගැන නොදන්න බොහෝමයක් දේවල් අසා දැනගන්නට අවස්ථාව මාධ්‍යවේදීන් හට ලැබුනා. ඒ සාකච්ඡාවේදී කතාබහට ලක්වුනු අපූරු කරුණක් වුනේ ලොව ධනවත්ම පුද්ගලයින් අතර සිටින මාර්ක් සකර්බර්ග් ඇයි හැමදාම එකම කමීසය අඳින්නේ කියන කාරණාවයි.
ඇත්තටම මාර්ක් බොහෝමයක් අවස්ථාවලදී මාධ්‍ය හමුවේ පෙනී සිටින්නේ එකම අළුපැහැ කමීසයකින් සැරසීමෙන්. මේ ප්‍රශ්ණයට බොහෝම සරල පිළිතුරක් ලැබේවියැයි බොහෝ දෙනෙක් හිතුවත් මාර්ක් එකම අළු පැහැ කමීසය අඳින්නට තමන්ට තියෙන ලැදිකමට හේතුව විදියට ලබාදුන්නේ බැරූරුම් පිළිතුරක්.
SEE ALSO: iPhone 6 ගැන සිංහලෙන් – iPhone 6 Review in Sinhala
“මට මගේ ජීවිතයේ පැහැදිලි බව තියාගන්න අවශ්‍ය නිසා, සමාජයට සේවයක් කිරීම කියන කාරණාව හැරුණුකොට අනෙක් කාරණා වලදී මා ලබාගන්නා තීරණ හැකිතරම් අඩු කරනවා. අද මොනවාද අඳින්නේ, අද මොනවද කෑමට ගන්නේ කියන දේට වැඩි වේලාවක් වැයකිරීමත්, ඒ වෙනුවෙන් අමතර වෙහෙසක් ගන්නට සිදුවීමත් මා අකමැති දෙයක්. හැම දවසකම අවදි වෙලා බිලියන ගණනක් පිරිසකට සේවය කරන්නේ කොහොමද කියන කාරණාවයි මට වැදගත් වන්නේ. එහෙම නැතිව මම මගේ බාහිර පෙනුම හෝ බාහිර ඔපය වෙනුවෙන් වැඩි වේලාවක් වැයකරනවා නම් මට හැඟෙන්නේ මම මට අදාල රැකියාව අතහැර වෙනත් දෙයක් කරනවා වගෙයි.“
ඒ වගේම තමන් සතුව එකම විදියේ අළු පාට කමීස කිහිපයක් තිබෙන බවත් ඔහු සිනහ මුසු මුහුණින් පවසා සිටියා. ස්ටීව් ජොබ්ස්, බැරක් ඔබාමා වැනි ලොව බලවත් පුද්ගලින් පවා තමන්ගේ බාහිර පෙනුම පිළිබඳව අනුගමනය කලේ සරල පිළිවෙතක් බවත්, ස්ටීව් ජොබ්ස් වරක් ඇපල් සමාගමේ සියළුම සේවකයින් හට එකම ආකාරයේ ඇඳුමක් ඇඳීමට නියම කල බවත් ඔහු පැවසූවා.
SEE ALSO: Apple සමාගම ගැන මෙතෙක් නොඇසුනු අපූරු කතා 10ක් !
පහතින් දැක්වෙන්නේ මාර්ක් එකම ආකාරයේ ඇඳුමින් සැරසී සිටින අවස්ථා කිහිපයකි.
balagena giyama mark aiyath ela kollekne
mama wagemai
Comments are closed.