මේ ඔබට ඉහතින් පෙනෙන දර්ශණය SimCity පරිගණක ක්‍රීඩාවේ දර්ශණයක් කියලා ඔබට හිතෙන්න පුළුවන් වුනත් එය වැරදියි. එය Xbox 360 භාවිතයෙන් Minecraft පරිගණක ක්‍රීඩාවේ එක් පුද්ගලයෙකු විසින් වසර 2ක් තිස්සේ නිර්මාණය කරන ලද මහා නගරයක්. Titan City නමින් හඳුන්වන ලද මේ නගරය නිර්මාණය කරන්නට blocks මිලියන 4.5ක පමණ උපයෝගී කරගෙන තිබෙනවා.
Duncan Parcells නම් වන මෙහි නිර්මාණකරුවා Xbox Live හි පෙනී සිටින්නේ ColonialPuppet නම් අනුවර්ත නාමයෙන්. කලා විෂය හදාරන ඔහුට පරිගණක නිර්මාණය කරනය සඳහා ඇත්තේ විශේෂ ඇල්මක්. මේ නගරය දිහා දුරින් ඉඳ නරඹන විටදීට වඩා තරමක් ලංකර බැලූ විට ඔබට පෙනේවී ඔහු කොයිතරම් අපූරු නිර්මාණකරුවෙක් ද කියලා.
සාමාන්‍යෙයන් පරිගණකයෙන් Minecraft ක්‍රීඩාවේ යෙදෙනවාට වඩා Xbox 360 මඟින් එම ක්‍රීඩාවේ යෙදීම තරමක් අපහසුයි. නමුත් මුලදී ඔහු සතුව පරිගණයක් නොතිබූ නිසා Xbox 360 මඟින් ඔහුට මේ නිර්මාණය කිරීමට සිදුවෙලා.
Unbelievable!!! 🙂
Unbelievable!!! 🙂
Comments are closed.