Leak උන RTX 3080 Ti graphics card එක.

0
408

ඔන්න දැන් Nvidia සමාගමේන් එන්න තියෙන අලුත්ම graphics card එකක් ගන්න leaks කිහිපයක් දැන් අන්තර්ජාලයට ඇවිල්ල තියෙනවා. ඉතින් මේ leaks ඇවිල්ල තියෙන graphics card එක තමයි  RTX 3080 Ti කියන card එක. පසුගිය සාති කිහිපයේදී මේ card එකේ photos කිහිපයක්ම  leaks වෙලා තිබුන. ඒ වගේම rumores වලට අනුව RTX 3080 Ti card එක මැයි 31 වනදාට RTX 3070 Ti card එක සමඟ launch කරන්න Nvidia සමාගම සුදානම් වෙන බවයි.

මේ අලුත් RTX 3080 Ti graphics card එකේ  12GB of GDDR6X memory එකක් බලාගන්න පුළුවන්, ඉතින් කලින් අව RTX 3080 සාපේක්ෂව මේ අලුත් card එකේ 2GB increase එකක් බලාගන්න පුළුවන් වෙනවා. තාව මේ අලුත් RTX 3080 Ti graphics card එකේ RTX 3090 එකට සමානව wider 384-bit bus බලාගන්න පුළුවන්. ඉතින් අපිට තම හරියටම මේ අලුත් card එකේ performance එක ගැන කියන්න බැරි උනත් අපිට දන්නට කියන්න පුළුවන් මේ RTX 3080 Ti graphics card එක RTX 3080 සහ RTX 3090 කියන cards දෙක අතරමැද තියෙන graphics card එකක් කියලා.

ඉතින් මේ reports accurate නම් අපිට ඉදිරි සතිවල මේ graphics card එක ගැන තවත් තොරතුරු අන්තර්ජාලයේ බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම rumores වලට අනුව මේ RTX 3080 Ti graphics card එක Ethereum cryptocurrency mining limiter එකත් එක්ක ship කරන්න බලාපොරොත්තු වෙනවා.