Sony Xperia Compact phone එකක් නැවත එනවාද?

0
634

අන්තර්ජාල තොරතුරු වලට අනුව Sony සමාගම ඔවුන්ගේ “Compact” phone lineup එක නැවතත් 2021දී ගෙන්න බලාපොරොත්තු වෙන බවයි. ඒ අළුත්ම Xperia Compact model එක සමගයි. ඉතින් මේ phone එක ගැන leaks කිහිපයක් අන්තර්ජාලයට ඇවිල්ල තියෙනවා. ඉතින් මේ leaks වලට අනුව මේ phone එකේ display එක 5.5-inch සහ dimensions iPhone 12 min එකේ dimensions වලට සමාන වෙන බවයි. ඉතින් සමාගම මෙවෙනකන්ම හැදුවේ ටිකක් large phones විතරයි ඉතින් මේක ටිකක් ලොකු වෙනසක් වේවි කියල බලපොරුත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ upcoming phone එකේ renders කිහිපයක්ද අන්තර්ජාලයේ පලවෙලා තිබූන.

ඉතින් මේ upcoming phone එකේ dimensions ගැන තව දුරටත් කතා කරොත් අපිට 140 x 68.9 x 8.9 mm (5.5 x 2.71 x 0.35 inches) බලාගන්න පුළුවන් වෙනවා, ඉතින් මේ dimensions වලට අනුව මේ phone එක iPhone 12 mini (dimensions -131.5 x 64.2 x 7.4 mm නැත්නම් 5.18 x 2.53 x 0.29 inches) එකට වැඩ පොඩ්ඩක් ලොකු වෙනවා. ඒ වගේම මේ Xperia Compact phone එකේ 8-megapixel teardrop notch selfie camera එකක්, dual 13-megapixel main camera එකක්, 3.5mm headphone jack එකක් සහ side-mounted fingerprint reader එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ Xperia Compact phone එක තම 2018’s Xperia XZ2 Compact එකට පස්සේ පලවෙනි Compact name එක තියෙන phone වෙන්නේ.

ඉතින් දැන් තියෙන ප්‍රශ්නය තමයි මේ අලූත් Xperia Compact phone එකේ flagship-level specs බලාගන්න පුළුවන් වේවිද කියල. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අලුත් Sony Xperia Compact phone එක ඉක්මනටම announce කරයි කයල.