මීට ටික දවසකට පෙර ඇපල් සමාගම විසින් අලුතින් මෙවලම් කිහිපයක් නිකුත් කරනු ලැබුවා. ඒ අතරින් වීශාල ප්‍රමාණයේ ජංගම දුරකථනයක් වන Apple iPhone 6 ජංගම දුරකථනයත්, ඉතාමත් සිහින් Apple iPad Air 2 උපකරණයත් වැඩි අවධානයක් දිනාගත්තා. හැබැයි ඇපල් දුරකථන සාමාන්‍යෙයන් ගලවා විවෘත කරන්නට අපහසුයි. නමුත් iFixit වෙබ් අඩවිය මේ අලුත් iPad Air 2 ගලවා විවෘත කර තිබෙනවා.
හැබැයි ඉතින් මේ ක්‍රියාවලිය තරමක් සංකීර්ණ, ඒ වගේම බොහෝම පරිස්සමින් කළ යුතු ක්‍රියාවලියක්. ඒ වගේම විශාල LCD තිරය සහ ඉදිරිපස වීදූරුව වෙන් කරන්නට බැහැ. ඒ වගේම ඇන වෙනුවට බොහෝ අවස්ථාවල ගම් යොදා සම්බන්ධ කර තිබෙන නිසා නැවත සම්බන්ධ කරන්නටත් තරමක් අපහසුයි. කෙසේ නමුත් නව iPad Air 2 ගලවා පෙන්වන පහත ඡායාරූප වලින් කොයිතරම් අපූරූ ආකාරයට මේ සිහින් උපකරණය නිපදවා තිබෙන අයුරු දැකගන්නට පුළුවන්.