ඇපල් සමාගමේ අලුත්ම ජංගම දුරකථන වන iPhone 6 හා iPhone 6 Plus වල දෝෂයක් පිළිබඳව ප්‍රවෘත්තිය ලොව පුරා පැතිර ගියා. අලුත් ඇපල් දුරකථන පහසුවෙන් නැමෙන බව දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟ ඇපල් නිෂ්පාදන වලට පහර එල්ල කරමින් විවිධ ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් පවා අන්තර්ජාලයේ සිය හාස්‍යය පළකර සිටියා. ඒ වගේම මේ සිදුවීම ඇපල් සමාගමේ නව නිෂ්පාදන වල අලෙවිය සඳහාද සෘජුවම බලපා තිබුනා.
නමුත් මේ සිදුවීමට පිළිතුරු ලෙස ඇපල් සමාගම සිය නව නිෂ්පාදන වල තත්වය පරීක්ෂාකරන අයුරු දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදා හැරියා. ඒ අනුව අලුත් Apple iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමට පෙර එහි නිෂ්පාදන තත්වය පරීක්ෂා කිරීම සඳහා පර්යේෂණ රාශියක් සිදු කරනවා. ඒ වගේම මේ වන විට iPhone 6 ජංගම දුරකථන 30 000ක් පමණ මේ පර්යේෂණාගාරයේ පරීක්ෂාවට ලක්ව ඇති බවත් වාර්තා වනවා.
ඇපල් සමාගමේ විධායක නිළධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සිය නිෂ්පාදන සාමාන්‍ය මහජන භාවිතයේදී සිදුවන ගැටීම්, නැවීම්, තැලීම් සඳහා ඔරොත්තු දෙන ලෙස නිමාව ඇති බවයි. ඒ වගේම iPhone 6 ජංගම දුරකථනය නැමෙන වීඩියෝවේ දී සාමාන්‍ය තත්වයකට වඩා වැඩි බලයක් යොදා නැවීම සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. ඒ වගේම නව iPhone 6 නිෂ්පාදනය කරන ඇලුමිනියම් වර්ගය ටයිටේනියම් මිශ්‍රිත විශේෂ ඇලුමිනියම් වර්ගයක් බවත්, තිරය සහ බඳ වැඩි ආතතියක් දැරිය හැකි පරිදියි නිර්මාණය කර ඇත්තේ.
wauuuuu
pit
Comments are closed.