ඩොලර් 4කට එහෙමත් නැත්නම් රුපියල් 600කට විතර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන්ද? ඔව්. ඉන්දියාවේදී නම් මේ වගේ අතිශය අඩු මුදලට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක් මිලදී ගන්න නුදුරේදීම පුළුවන් වේවි. Freedom 251 නම් ජංගම දුරකථනය මේ මස 30 වනදා මේ වගේ අතිශය අඩු මුදලකට වෙළඳපලට නිකුත්කරන්නට Ringing Bells නම් සමාගම සියළු කටයුතු සූදානම් කර ඇත.
අඟල් 4ක 960×540 ස්පර්ශ සංවේදී තිරයක් සහිත, 1.3GHz ප්රොෙසසෙරයක්, 1GB රැම් මතකයක් හා 8GB මතක ධාරිතාවයක් සහිත මෙගා පික්සල් 8ක පසුපස කැමරාවක් හා මෙගා පික්සල් 3.2ක ඉදිරිපස කැමරාවක් ඇති මේ ජංගම දුරකථනය ඇන්ඩ්‍රොයිඩ් 5.1 මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකථනයක්.
Ringing Bells සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා පවසන පරිදි මේ ජංගම දුරකථන හරහා සමාගමට අති විශාල පාඩුවක් සිදුවන නමුත් මේ හරහා ස්මාර්ට් ෆෝන් මිලදී ගැනීමට හැකියාවකි නොමැති ජනතාව වෙත මහඟු අවස්ථාවක් වන ඇති බවයි. කෙසේ නමුත් නිල එලිදැක්වීමට තවත් දින දෙකක් පමණක් වුවත් ඇත්තේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවේදී එම ජංගම දුරකථනය අත්හදා බැලීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව නොලැබුනු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා.
කෙසේ නමුත් මේ වෑයම සාර්ථ වුවොත් ඉන්දීය වෙළඳපල උඩුයටිකරු කරන ජංගම දුරකථනයක් බවට මෙය පත්විය හැක. දැනට ඇති මිලෙන් අඩුම ජංගම දුරකථනය පවා බොහෝ ග්‍රාමීය ඉන්දීය ජනතාවට දැරිය නොහැකි මුදලකටයි අලෙවි වන්නේ.
https://www.youtube.com/watch?v=utRww8-QuBw
https://www.youtube.com/watch?v=utRww8-QuBw
Here is a review!
ඇත්තටම මේක ඉන්දීයනු නිශ්පාදනයක් නෙවෙයි මේක චීනේ නිශ්පාදිත ADCOM smart phone එකක්. ඉන්දීයාවෙදි මේකේ adcom කියන නම ප්‍රදාන මුහුනතෙන් ඉවත් කරල ටිබ්බත් එක අදුර ගන්න පුලුවන්.
https://www.google.lk/search?q=indian+cheapest+smartphone+is+from+chaina&client=ms-android-skt-kr&biw=360&bih=559&tbm=isch&prmd=vin&source=lnms&sa=X&ved=0ahUKEwioitPOxPXNAhUoKcAKHYRzDg8Q_AUIBigC#tbm=isch&q=indian+cheapest+smartphone+is+fake
Comments are closed.