Android 12 වලට එන්න තවත් feature එකක් මෙන්න.

0
260

ඔන්න දැන් Google සමාගම ඉදිරියට එන්න තියෙන Android 12 update එකට එන්න ලොකු feature එකක් දැන් announce කරලා තියෙනවා. ඉතින් මේ  අලුත් feature එක තමයි play store එකෙන් games download කරනගමන්ම දැන් ඒ games play කරන්න පුළුවන් වෙනවා. මේ feature එක ගොඩක් use full වෙන්න පුළුවන් වෙන්නේ ලොකු games එකක් download කරන්න කොට දැන් බලන්න ඉන්න ඕනේ වෙන්නේ නෑ, games එක download වෙන ගමන්ම play කරන්න පුළුවන්. Google සමාගමට අනුව මේ  Android 12 update එකෙන් පස්සේ games සහ apps open වෙන්න යන්න වෙලාව දෙගොනයකින් අඩු වෙන්න පුළුවන් බවයි.

ඉතින් Google සමාගම share කරපු මේ GIF එකෙන් games open වෙන්න යන්න වෙලාව බලාගන්න පුළුවන්. මේ feature එක වැඩ කරන්නේ Play Asset Delivery system එක use කරන games වලට පමණයි. මේ අලුත් feature එක announce කරලා තියෙන්නේ 2021 Games Developer Summit event එක අතරතුරේදී වෙනවා. ඒ වගේම Google සමාගම මේ event එකේදී  Android 12  වලට එන්න අලුත් game dashboard එකක්ද announce කරා, ඉතින් මේ dashboard එකෙන් screen capture and recording වගේ දේවල් කරගන්න පුළුවන් වෙනවා. Google සමාගමට අනුව මේ game dashboard feature එක බලාගන්න පුළුවන් වෙන්නේ select devices වල විතරි.