Action කැමරා ලොවේ ප්‍රමුඛතම සමාගමක් වන GoPro සමාගම විසින් තම නවතම සාමාජිකයා වන සුපිරි GoPro Hero 7 මේ වසරේ අග භාගයේදී ලෝකයට නිකුත් කරනු ලැබුවා. නවතම GoPro Hero 7 4K කැමරාව වර්ණ ත්‍රිත්වයකින් (Black ,Silver ,White) ලෝක වෙළඳපොළේ මේ වනවිට මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. මෙම නවතම GoPro Hero 7 හි ඇති ගුණාංග ගැන විමසා බලමු.

Hero 7 කැමරා High-end / Mid-range / Entry-level වශයෙන් වර්ග තුනකට යටත් වේ, කළු වර්ණය High-end වශයෙන්, සිල්වර් වර්ණය Mid-range වශයෙන් සහ සුදු වර්ණය Entry-level වශයෙන් බෙදා වෙන්කළ හැක.
Hero 7 කැමරාව එක් එක් වර්ණයට අනුව කුඩා වෙනස්කම් කිහිපයක් ඇත. මෙම කැමරා පාට තුනට (Black ,Silver ,White) පිළිවෙලින් 4K/60fps, 4K/30fps,1080p/60fps වශයෙන් රූපරාමු පටිගත කිරීමේ හැකියාව ඇත. මෙහි කළු සහ සිල්වර් වර්ගයන්ට පමණක් 4K තාක්ෂණයෙන් රූපරාමු පටිගත කිරීමේ හැකියාව ඇති නමුත් සුදු වර්ණයේ කැමරාවට 4K රූපරාමු පටිගත කිරීමේ හැකියාව නැත. කළු වර්ණයේ කැමරාව සඳහා පමණක් මෙගා පික්සල් 12 කින් යුතු ඡායාරූප ගැනීමට හැකියාව ඇති අතර අනෙකුත් කැමරා දෙක මෙගා පික්සල් 10 යෙන් යුතු ඡායාරූප ලබා ගැනීමට හැකියාව පවතී.

මේම කැමරා තුනම LCD touch screen පහසුකමින් සහ සමාන ප්‍රමාණයෙන් යුක්ත වේ, ඉතා සුපැහැදිලි තිරයකින් යුතු මෙම Hero 7 කැමරා දැඩි එළියක් සහිත ස්ථානයකදී වූවද හොඳින් පෙනේ. අතට ඉතාමත් පහසු ප්ලාස්ටික් වර්ගයක් යොදාගෙන නිර්මාණය කර ඇත. ඉතා කුඩා ප්‍රමාණයෙන් සහ බරින් අඩු වීම නිසා පහසුවෙන් ඕනෑම ස්ථානයක තබා ගැනීම, ගෙනයාම කල හැකිය. Hero 7 කැමරා ත්‍රිත්වයෙන් කළු පැහැති වර්ගයට පමණක් ගැලවිය හැකි බැටරියක් ඇති නමුත් අනෙකුත් වර්ණ දෙක සදහා එම පහසුකම ලබා දී නැත.

මෙහි ඉතා සුවිශේෂී අංගයක් වනුයේ Voice control පහසුකම ලබා දී තිබිමයි. අපට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී “GoPro, take a photo” හෝ “GoPro, start recording.” වශයෙන් විධාන ලබාදීමෙන් රූපරාමු ලබා ගැනීමට හා පටිගත කිරීමට හැකියාව පවතී. මෙම කැමරා ත්‍රිත්වයම මීටර 10 දක්වා වතුර යට භාවිත කිරීමේ පහසුකම ද පවතී. Hero 7 කැමරා ත්‍රිත්වයෙන් කළු පැහැති වර්ගයට පමණක් Wifi තාක්ෂණය ඇති නමුත් අනෙකුත් වර්ණ දෙක සදහා මම පහසුකම ලබා දී නැත, Hero 7 කළු සහ සිල්වර් කැමරාවන් සඳහා පමණක් GPS තාක්ෂණය ද ලබාදී ඇත.

GoPro Hero 7 හි ඉතා හොඳ ගුණාංග වශයෙන් සුපිරි වීඩියෝ ස්ට්ටේබල්යිසේෂන්, ලයිව් ස්ට්‍රිමින්ග්, අනර්ඝ නිමැවුම, 4K වීඩියෝ හා ගුණාත්මක ඡායාරූප ගැනීම සහ ආවරණයක් නොමැතිව වතුර යටට ගෙනයාමේ හැකියාව වශයෙනුත් වොයිස් කොන්ට්‍රෝල් පහසුකම, පහසුවෙන් එහා මෙහා ගෙනයාමේ හැකියාව වශයෙනුත් නම්කළ හැකිය.
GoPro Hero 7 හි අඩුපාඩු වශයෙන් 4k රුපරමු ලබා ගැනීමේදී රත්වීම, ඇතැම් විට ඇතිවන වොයිස් කොන්ට්‍රෝල් නිසියාකාරව ක්රියකිරීමේ අඩුපාඩු, ප්ලාස්ටික් වලින් නිර්මාණය කර තිබීම සහ මිළෙන් තරමක් අධික වීම දැක්විය හැකිය.

සමස්ථයක් වශයෙන් GoPro Hero 7 සුපිරි මට්ටමේ Action කැමරා අත්දැකීමක් ලබාගැනීමට හැකි බව කිසිදු විවාදයක් නැතිව පෙන්වා දිය හැකිය. GoPro Hero 7 කැමරාව පෙර කැමරා මෙන්ම Action කැමරා පෙලට නොමැකෙන නමක් තැබීමට හැකියාව ලැබී ඇත.
සැ.යූ :- අප විසින් පළ කරන ලද Xiaomi Mijia 4k පිළිබඳ ලිපියේදී, Xiaomi Mijia 4K කැමරාව Gopro කැමරා වලට සාපේක්ෂව අඩු මුදලකට ඉහල ගුණාත්මක බවකින් මිලදී ගැනීමට හැකි Action කැමරාවක් බව ද, Gopro කැමරා වල ඇති ගුණාත්මක බව අභියෝගයට ලක් නොකළ බව ද දන්වා සිටිමු.

ලෝකයේ මේ වනවිට ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින සුපිරි GoPro Hero 7 කැමරාවක අත්දැකීමක් ඔබටත් ලබාගැනීමට හැකියාව ඇත. පහත සඳහන් link එක මාර්ගයෙන් ඔබටත් මෙය ලංකාවේදීම මිලදී ගැනීමේ හැකියාව පවතී.
ඔබටත් GoPro කැමරාවක අත්දැකීමක් තිබෙනවානම් ඔබේ අදහස් අනෙත් අයටත් දැනගන්න පහත comment section එකට එකතු කරන්න.