Google Stadia දැන් ඔයාගේ Phone එකටත්

0
2826
Image Copyright: ign.com

Google Stadia ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්, මොකද කිව්වොත් එය මේ වෙනකොට ලෝකයේ බොහෝ ජනප්‍රිය මාතෘකාවක්. මේ පිළිබඳව අප විසින් කල Video එක අපේ Youtube නාලිකාවේ පළකර ඇති අතර මෙම ලින්ක් එක මාර්ගයෙන් ඔබටත් එය නැරඹිය හැකිය.

ඉතිං මේ Google Stadia වල නවතම ප්‍රවෘත්තිය තමයි, දැනට PC, එහෙමත් නැත්තනම් පරිගණක, ස්මාර්ට් Tv හරහා පමණක් භාවිතා කිරීමට හැකියාව ඇති මෙම Streaming Service එක නුදුරේදීම ස්මාර්ට් ජංගම දුරකථන හරහාත් භාවිතා කිරීමට හැකියාව පවතිනවා. මේ වනවිට Mobile Gaming කියන සංකල්පය ඉතාමත් ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙන පසුබිමක Google Stadia ස්මාර්ට් ජංගම දුරකථන මඟින්ද භාවිතා කිරීමට හැකියාව ලැබීම ඉතාමත් හොඳ ආරංචියක්.

Google Stadia භාවිතා කරන්න පුළුවන් Phone මොනවද?

  • Samsung Galaxy S8
  • Samsung Galaxy S8 Plus
  • Samsung Galaxy S8 Active
  • Samsung Galaxy Note 8
  • Samsung Galaxy S9
  • Samsung Galaxy S9 Plus
  • Samsung Galaxy Note 9
  • Samsung Galaxy S10
  • Samsung Galaxy S10E
  • Samsung Galaxy S10 Plus
  • Samsung Galaxy Note 10
  • Samsung Galaxy Note 10 Plus
  • Samsung Galaxy S20
  • Samsung Galaxy S20 Plus
  • Samsung Galaxy S20 Ultra
  • Razer Phone
  • Razer Phone 2
  • Asus ROG Phone
  • Asus ROG Phone II

මේ වනවිටත් Google Pixel දුරකථන මඟින් පමණක් මෙම සේවාව භාවිතා කිරීමට හැකියාව තිබෙන නමුත් අනෙකුත් දුරකථන වලට මෙම සේවාව Support කරන්නේ නෑ. ඒ වගේම දැනට iOS එහෙමත් නැත්නම් Apple දුරකථන හරහා මෙම සේවාව භාවිතා කිරීමට හැකියාව නොමැති අතර Apple භාවිතා කරන කට්ටියට තව ටික කාලයක් බලාගෙන ඉන්න සිදුවෙනවා. කොහොම වුවත් නුදුරේදීම මෙම සේවාව ස්මාර්ට් ජංගම දුරකථන හරහා භාවිතයට පැමිණීම නිසා දුරකථන නිෂ්පාදන සමාගම් පවා ඔවුන්ගේ නවතම නිෂ්පාදන වලදී Gaming සඳහා වැඩි අවදානයක් යොමු කිරීමට ඉඩකඩ තිබෙනවා.