Google Map කියන්නේ අපිට අලුත් දෙයක් නෙවෙයි. ඒත් StreetView නම් ඒ තරම් ලංකාව තුල ප්රචලිත නැහැ. ඒකට ප්රධානතම හේතුවක් වුනේ මේ වනතෙක් Google Map Street View ලංකාව සඳහා සහාය දැක්වූයේ නැති නිසයි. නමුත් අද සිට ඒ අවස්ථාව ලාංකිකයින් වන අපට උදාවෙනවා.
මේ වන විට රටවල් 63ක් ආවරණය කර ඇති ගූගල් ස්ට්රීට් විව් වැඩසටහන ගූගල් සිතියම් වල ඉතාමත් ජනප්රිය අංගයක්. ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක හාත්පස පැතිරුණු දර්ශණයක් (360 Panoramic View) දැකබලාගැනීමේ අවස්ථාව උදා වනවා.
අද පටන් විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ මඟින් විවිධ මාර්ගවල අංශක 360 ඡායාරූප ගැනීම සිදුකෙරේ. යාපනය, මාතර සහ ආරුගම්බේ යන ප්රදේශ වලින් ආරම්භ වන මෙය දිගු කාලීන ආයෝජනයක මුල් පියවරක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
ස්ට්රීට් විව් හරහා ශ්රී ලංකාව දැකබලාගත හැකි දිනය නිවේදනය කිරීමට ගූගල් සමාගම නුදුරේදීම කටයුතු කරනු ඇති අතර එවිට maps.google.lk වෙත පිවිසී මේ නවමු ඇත්දැකීම විඳගැනීමට හැකියාව ඔබටත් ලැබේවි.
Street View ගැන වැඩි විස්තර දැනගන්න පිවිසෙන්න: https://www.google.lk/maps/about/behind-the-scenes/streetview/
wow, fantastic. we always use it in Italy. Thanks google.!
good
Where are the Sri Lankan mappers or community leaders in this event. Kindly share some pictures here.
Thanks
good
super
Great
ගම් වල සහ තනැ වල නම් සිංහලෙන් දිස් වෙන්න දාන්න තාම බැහැනෙ ලංකාවේ. අනිත් හැමරටක වගේම එයාලාගේ මවු බසින් නම් තියනවා.
me dawaswala video karala election banners ehemath thiyeda danne naa 😛
Comments are closed.