පුද්ගලයින් 150 රැගෙන ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් 4U9525 යානය අනතුරට පත්වීමට හේතුව මේ වන විට හෙළිව තිබෙනවා. සොයාගත් කළු පෙට්ටියේ තිබූ තොරතුරු අනුව යානයේ සහාය නියමුවා විසින් හිතාමතා සිදුකළ අනතුරක් බවයි මේ වන විට ප්රංශ බළධාරීන් විශ්වාස කරන්නේ.
යානය අනතුරට පත්වීමෙන් පසුව යානයේ තිබූ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයාගත් අතර එහි පටිගත වී ඇති ශබ්ද විශ්ලේෂණයෙනුයි මේ නිගමනයට එළඹ ඇත්තේ.
[signoff predefined=”Article Ad”][/signoff]

යානයේ ප්රධාන නියමුවා නියමු කුටියෙන් පිටතට ගිය අවස්ථාවේදී යානය ක්ෂණිකව අඩි 38,000 මට්ටමේ සිට පහළට ගමන් කිරීම අරඹා තිබෙනවා. ඒ අවස්ථාවේදී සහාය ගුවන් නියමුවා නියමු කුටිය අගුළුලා ඇති අතර ප්රධාන නියමුවා කෑගසමින් නියමු කුටියේ දොරට තට්ටු කළද සහාය නියමුවා දොර විවෘත කර නැහැ. මේ සිදුවීම වන විට සහාය නියමුවා පියවි සිහියෙන් සිටි බවට තොරතුරු කළු පෙට්ටියේ පටිගත වූ සහාය නියමුවා හුස්ම ගන්නා ශබ්ද වලින් නිගමනය කර තිබෙනවා. ඒ අනුව මේ අනතුර පැහැදිලිවම හිතාමතා සිදුකළ අනතුරක් විය හැකි බවයි බළධාරීන් පවසන්නේ.

28 හැවිරිදි Andreas Lubitz නමින් හැඳින්වෙන සහාය නියමුවා 2013 වසරේදී ගුවන් නියමුවකු ලෙස Germanwings ගුවන් සේවයට එකතු වූ අයෙක්. 2008 වසරේ ගුවන් යානා පුහුණුවෙන් පසු ගුවන් සේවකයෙකු ලෙස සිය පළමු රැකියාව කළ ඔහු ඉතා කෙටි කලෙකින් සහාය නියමුවා බවට පත්විය. ගුවන් සහාය නියමුවාගේ අරමුණ ගුවන් යානය විනාශ කිරීම බව පැහැදිලිවම සනාථ වන කරුණු ඇතත්, ඔහු කිසිදු ත්රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෙකු නොවන බව ද හෙළිව තිබෙනවා.
ඇමරිකානු ගුවන් ගමන් නීති රීති අනුව නම් ගුවන් ගමනක් අතරතුර සෑම විටම ගුවන් නියමුවන් දෙදෙනාම නියමු කුටිය තුල සිටිය යුතු මුත් යුරෝපීය ගුවන් ගමන් නීති තුල එවැනි නීතියක් නොමැත. ඒ නිසාවෙන් බොහෝ යුරෝපීය ගුවන් ගමන් වලදී ප්රධාන ගුවන් නියමුවා නියමු කුටියෙන් පිටතයෑම සුලබ වන අතර මේ ගුවන් යානයේ ගුවන් නියමුවා එලෙස පිටතට ගිය අවස්ථාවේදී නියමු කුටිය අගුළු ලෑමට සහාය නියමුවා ක්රියාකර ඇත.
මේ සිදුවීම ගුවන් ගමන් ඉතිහාසයේ මහා ඛේදවාචකයක් ලෙස සටහන් වනු ඇති අතර මීට පෙර අතුරුදන් වූ MH370 යානයේ ගුවන් නියමුවා ද මෙලෙස සියදිවි හානිකරගැනීම සඳහා සිය ගුවන් යානය ඉන්දියන් සාගර පතුලට රැගෙන යන්නට ඇතැයි ද මතයක් පවතී.
SEE ALSO: පුද්ගලයින් 150ක් රැගත් 4U9525 යානය අනතුරට පත්වුනේ මෙහෙමයි
[signoff predefined=”Tech Guru Facebook Like”][/signoff]