Mood එක අනුව සින්දු වෙනස් වෙන Headphone එකක්

0
877

ජපන් සමාගමක් විසින් මිනිසාගේ ස්නායු පදනම් කරගනිමින් නිර්මාණය කරනු ලැබූ නව සොයා ගැනීමක් මගින් අවස්තාව උදාකර දී තිබෙනවා කිසිවක් සිදු නොකට ඔබගේ මනෝභාවයට වඩාත්ම ගැලපෙන ආකාරයේ ගීත ස්වයංක්‍රීයවම ශ්‍රවණය වීමට සැලැස්වීමට.

ඔවුන් එය හඳුන්වනු ලබන්නේ ( Micro mind-reading Headphones ) ලෙසයි. ඔව් එය සැබෑවටම සත්‍යයක් මොකද එයට හැකියාව තිබෙනවා ඔබේ සිත කියවීමට. එමගින් ඔබට සිදු වෙන්නේ නැහැ “Playlist” එහාට මෙහාට පෙරලාබලා ඔබේ මනෝභාවයට වඩාත්ම ගැලපෙන ගීතය අපහසුවෙන් යුතුව සොයා ගැනීමට. මෙම Headphone නිර්මාණය කර තිබෙන්නේ එය පැළඳ ගෙන සිටින පුද්ගලයාගේ මොලය පරික්ෂා කර බලා ඒ විසින් සොයාගනු ලැබූ එම පුද්ගලයාගේ සිතේ මනෝභාවයට වඩාත්ම ගැලපෙන ගීතය ශ්‍රවණය වීමට සැලැස්වීමයි.

මෙම “Gadget” එක කොටස් දෙකකින් යුතු වෙනවා. ඒවානම්  තරමක් විශාල “Headphone” එක සහ “iPhone app” එකයි. එම “Headphone”එක සතුව තිබෙනවා නළලෙහි ඉදිරිපස කොටස ස්පර්ශ වෙන ලෙස සකස්  කොට තිබෙන මොළයෙහි තරංග විශ්ලේෂණය කරමින් පරිශීලකයාගේ මනෝභාවය හඳුනාගැනීමට සමත් වෙන සංවේදකයක්. පසුව ඒ විසින් සම්බන්ධ වෙනවා “iPhone Application” එකෙහි තිබෙන “Micro Database” එකට ඉන් පසුව පරිශීලකයාගේ වර්තමාන තත්වයට වඩාත් හොඳින් ගැලපෙන ගීතය ඒ විසින් තෝරා ගනු ලබනවා.ගීතය ධාවනය වෙන අතරතුර ඔබට සිතුනොත් ඔබේ මනෝභාවය වෙනස් වී ඇතිබවක් ඔබට තවදුරටත් එම ගීතයටම සවන්දීමට සිදු වෙන්නේ නැහැ. ඔබට  කරන්න තිබෙන්නේ දුරකථනය සෙලවීම පමණයි ඉන්පසුව සංවේදකය විසින් පසුගිය මනෝභාවය පිලිබඳ දත්තයන් මකාදමා නැවතත් ඔබේ මොලය පරික්ෂාකර බලනවා මනොභාවයේ වෙනසක් වී තිබෙනවාද යන්න පිළිබඳව.

මෙම උපකරණය තවම  එහි මුලික මට්ටමේ තමයි පවතින්නේ.මේ වනවිට එහි දත්ත ගබඩාවෙහි පවතින්නේ ගීත සියයක් වගේ ප්‍රමාණයක්. කොහොම නමුත් අපිට බලාපොරොත්තු තබා ගැනීමට හැකියාව තිබෙනවා ඉදිරියේදී මෙම උපකරණය දැනට පවතින තත්වයට වඩා තරමක් එකට තද වූ සිහින් හැඩයකින් යුතු Headphone එකක් ලෙස වැඩිදියුණු වේ යැයි කියා.


[label]Source[/label] [label]Apps Lanka[/label]