Dell සමාගමේ නව monitors වලට dedicated Microsoft Teams button එකක් ඇත.

0
690

ඔන්න දැන් Dell සමාගම ඔවුන්ගේ අලුත් monitors තුනක් launch කරනවා. මේ monitors වල තියෙන විශේෂත්වය තමයි මේ monitors වල dedicated Microsoft Teams button එකක් තියන එක.  Dell සමාගමට අනුව මේ monitors ලෝකයේ පලවෙනි Microsoft Teams certified video conferencing monitors වෙනවා. ඉතින් Microsoft සමාගම ගිය අවුරුදෙදි මේ certifying process එක පටන් අරන් තියනවා. ඔවුන් webcams, headsets සහ displays වැනි දේවල් මෙහිදී certify කරනවා. ඉතින් මේ monitors තුනම Microsoft Teams quick access සමග ඊලග මසයෙති බලාගන්න පිළිවන් වෙනවා. ඒ වගේම මේ button use කරලා users ලට app quickly launch කරගන්න පුළුවන් වෙනවා.

මේ අලුත් Dell monitors වල තියෙන තවත් විශේෂත්වයක් තමයි built-in microphone එකෙන් Hands-free commands දෙන්න පුළුවන් වෙන් එක, මේ monitors Cortana වලට support කරනවා. ඉතින් මේ තමයි monitors එකක Microsoft Teams button එකක් එන පලවෙනි වතාව වෙන්නේ. මිනිට කලින් අපිට මේ විතිය Microsoft Teams support කරන buttons headset manufacturers ලාගෙන් අපිට බලාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අලුත් සහ දැනට වෙලදපොලේ තියෙන headphones වලට Microsoft Teams සමග deeply integrate වෙන්න ගිය අවුරුද්දේදී අවස්ථාව ලැබුන.

ඉතින් මේ Dell monitors වල main surprise එක මේ Teams button එක උනත්, මේ monitors තුනහිම videoconferencing වලට අවශ්‍ය specs ගොඩක් බලාගන්න පුළුවන් වෙනවා. මේ monitors තුනහිම Windows Hello support කරන 5-megapixel pop-up infrared camera එකක් බලාගන්න පුළුවන් වෙනවා, ඒ වගේම noise-canceling microphone සහ dual 5-watt integrated speakers බලාගන්න පුළුවන්. තවද blue light emissions reduce කරන්න built-in mode එකක්ද බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් Dell සමාගම මේ monitors sizes තුනකින් launch කරනවා, ඒ තමයි 24-inch (FHD), 27-inch (QHD) සහ 34-inch (WQHD) කියන sizes තුන. මේ තුනම පෙබරවාරි මාසයේ launch කරනවා.