2019 වසරේ “Consumer Electronic Show” ඊයේ උදෑසන ඇමරිකාවේ ලාස් වේගාස් හිදී ආරම්භ වුනා. ප්‍රථම දිනය ලෙස සනිටුහන්වුන ඊයේ දිනයේදී ලොව ප්රමුඛ සමාගම් කිහිපයක් ඔවුන්ගේ නිෂ්පාදන එළිදක්වනු ලැබුවා. ඒ අතර Samsung සමාගම, Intel, සහ LG යන සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන හඳුන්වා දී තිබෙනවා.
CES 2019 පළමු දිනයේ නවතම හඳුන්වාදීම් කිහිපයක්
Samsung සමාගමේ CES එළිදැක්වීම
Samsung සමාගමද මේ වසරේ නවතම තාක්ෂණයෙන් යුතු උපාංග රාශියක් හඳුන්වාදී තිබෙනවා. ඒ අතර නවතම 8K තාක්ෂණයෙන් සමන්විත රූපවාහිනී යන්ත්‍ර කිහිපයක්, ස්මාර්ට් ගෘහ උපකරණ කිහිපයක් සහ ලැප්ටොප් පරිඝණක කිහිපයක් සමන්විත වෙනවා. මෙම CES එළිදැක්වීමේ දී හඳුන්වාදුන් Samsung Bot නමැති රොබෝ උපකරණ සහ 5G තාක්ෂණයෙන් යුතු දුරකථන නිෂ්පාදනය සම්බන්ධ කරුණු කාගේත් අවදානය දිනාගැනීමට සමත් විය.
LG සමාගමේ CES එළිදැක්වීම
මෙම සමාගම විසින් ඔවුන්ගේ 2019 වසරට අදාල නිෂ්පාදන සහ ඔවුන්ගේ නවතම තාක්ෂණයන් හඳුන්වාදෙනු ලැබුවා. LG සමාගම මෙහිදී ප්‍රධාන වශයෙන් එදිනෙදා ගෘහ ජීවිතය පහසුකිරීම සඳහා ස්මාර්ට් උපකරණ කිහිපයක් හඳුන්වාදී තිබෙනවා. එමගින් අනාගතයේ ස්මාර්ට් නිවසකට අවශ්‍ය ගෘහ උපකරණ සඳහා LG සමාගම හොඳ වෙළඳපොළක් නිර්මාණය කරගනු ඇති බව පැහැදිලිය. මේ අතර “LG SIGNATURE” නමින් හඳුන්වාදුන් තිරය ඉහල පහළ කළ හැකි රුපවාහිනිය කාගේත් කතාබහට ලක්වී තිබෙනවා.
Intel සමාගමේ CES එළිදැක්වීම
පරිඝණක ප්‍රොසෙසර් සඳහාම සුවිශේෂී ජනප්‍රියත්වයක් උසුලන Intel සමාගම මෙවර CES හිදී ඔවුන්ගේ නවතම තාක්ෂණයන්ගෙන් සමන්විත ප්‍රොසෙසර්ස් වර්ග කිහිපයක්ම හඳුන්වාදී තිබෙනවා. මෙහිදී 2020 වසරේ Intel සමගම විසින් සිදු කිරීමට නියමිත තාක්ෂණික කරුණු කිහිපයක්ද එළිදක්වනු ලැබුවා. එමගින් අනාගතයේදී වඩාත් කාර්යක්ෂම පරිඝණක නිර්මාණයේදී intel සමාගමේ දායකත්වය කෙසේද යන්න පැහැදිලි වෙනවා.
මෙම එක් එක් සමාගම විසින් හඳුන්වාදුන් නවතම තාක්ෂණයන් වෙන වෙනම නුදුරේදීම ඔබවෙත ගෙන ඒමට අපි සුදානම්. මෙවැනි දේ අනිත් යටත් දැනගන්න Share කරන්න.