සාමාන්‍යෙයන් iPhone භාවිත කරන කෙනෙක් තමන්ගේ ෆෝන් එක cover එකක් හරි case එකක් හරි දාලා පාවිච්චි කරනවා දකින්න අමාරුයි. ඒත් අලුතින් නිකුත් වූ iPhone 6 Plus දුරකථනයට නම් ඔබට ඒ වගේ දෙයක් භාවිත කරන්නට වේවි කියලයි අපිටනම් හිතෙන්නේ. මොකද iPhone 6 Plus භාවිත කරන බොහෝ දෙනෙක් දැන් දැන් ඒ අයගේ ජංගම දුරකථනය සාක්කුවේ තිබියදී නැවී තිබීම ගැන පැමිණිලි කර තිබෙනවා. එය සුළු නැවීමක් වුවත් පහසුවෙන් දැකිය හැකි වෙනසක්. බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථන නැවී තිබුනේ ඉහළ ප්‍රදේශයට ආසන්නවයි.
SEE ALSO: Apple සමාගම ගැන මෙතෙක් නොඇසුනු අපූරු කතා 10ක් !
සමහරක් මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ තද ඇඳුම් ඇඳීම නිසා මෙය සිදුවූ බවයි. ඒත් ඒක එහෙම වෙන්න පුළුවන්ද? iPhone ජංගම දුරකථනය හා iPhone 6 Plus ද්විත්වය නිකුත්වීමටත් ප්‍රථම එය නිර්මාණය කිරීමට ගන්නා උසස් තත්වයේ අමුද්‍රව්‍ය පිළිබඳ කතා බහට ලක්වුනා. ඇලුමිනියම් කියන්නේ සාමාන්‍යෙයන් මෘදු ලෝහයක්. නමුත් ජංගම දුරකථනයක් මේ වගේ නැමීමට ලක්වීම සාධාරණිකරනය කරන්න එය කරුණක් නෙවෙයි. මීට ප්‍රථම iPhone 5S සඳහා මෙවැනි පැමිණිලි වාර්ථා වුනේ නැති තරම්. ඉතින් ඔන්න දැන් ඔබේ ජංගම දුරකථනයෙන් iPhone 6 Plus වෙත මාරු වෙනවාද කියලා හිතලා බලන්න ඔබට සිදු වේවි.
[…] පිළිතුරක් !Derana Tech Guru Episode 08 – iPhone 6 Review in Sinhalaඅලුත් iPhone 6 Plus හි දෝෂයක් ලොව කළඹයි !iPhone 6 ගැන සිංහලෙන් – iPhone 6 Review in […]
Comments are closed.