රටවල් 28 ක සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සබැඳි යුරෝපානු එකමුතුව විසින් පසුගිය දිනක අන්තර්ජාලය භාවිතයේ ඇති බුද්ධිමය අයිතීන් පිළිබඳ යෝජනාවන් කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. යුරෝපා එකමුතුව විසින් ඉදිරිපත් කර ඇති අන්තර්ජාලය සම්බන්ධ බුද්ධිමය අයිතීන් පිළිබඳ යෝජනාව 13 වන පනත වශයෙන් හඳුන්වනු ලබනවා.
මෙම පනත මගින් යුටියුබ්, ෆේස්බුක් ඇතුළු අනෙකුත් අන්තර්ජාලය සම්බන්ධ කටයුතු සඳහා යොදා ගනු ලබන පින්තූර, වීඩියෝ සහ ඕඩියෝ පට වෙනුවෙන් බුද්ධිමය අයිතීන් තිබීම අනිවාර්ය වෙනවා. එහෙමත් නැතිනම් , ඔරිජිනල් ඇරුනම ඒක වගේ පින්තූර, වීඩියෝ සහ ඕඩියෝ වගේ දේවල් තියෙන්න පුළුවන්කමක් නැති වෙනවා,
උදා :- අන්තර්ජාලයේ දැනට ඇති ඔරිජිනල් සිංදුවකට ඒ වගේම කවර් සිංදුවක් අන්තර්ජාලයට එකතු කරන්න බැරි වෙනවා.

යුරෝපානු එකමුතුව අන්තර්ජාලය සම්බන්ධ බුද්ධිමය අයිතීන් සුරැකීමට මෙම පනත යෝජනා කර තිබෙනවා. ඇත්තටම මේ පනත නිසා බුද්ධිමය අයිතීන් සඳහා ආරක්ෂාවක් ලැබුණත් මේ මගින් අහිතකර බලපෑමක්ද සිදුවනවා. යුටියුබ් එකේ හෝ ෆේස්බුක් ඇතුළු අනෙකුත් වෙබ් අඩවි තුල බුද්ධිමය අයිතීන් නැති පින්තූර හෝ වීඩියෝ සහ ඕඩියෝ තිබේනම් ඒ වෙනුවෙන් එම ආයතන කිසියම් මුදලක් ගෙවීමට සිදුවෙනවා,එම නිසා මෙම ආයතන විසින් බුද්ධිමය අයිතීන් නැති පින්තූර, වීඩියෝ සහ ඕඩියෝ පට ඔවුන්ගේ වෙබ් අඩවි වලින් අයින් කරනු ඇත.
උදා :- ඒ අනුව දැනට යුටියුබ් එකේ ඇති බුද්ධිමය අයිතියක් නැති වීඩියෝ සහ ඕඩියෝ ඉවත් කෙරෙනු ඇත

මෙම පනත මගින් බුද්ධිමය අයිතියක් නැති කිසිම පින්තූරයක්, වීඩියෝවක් හෝ ඕඩියෝවක් අන්තර්ජාලය මගින් භාවිත කරන්න පුළුවන් වෙන්නේ නැත. මේ හේතුව නිසා අනාගතයේදී බොහොමයක් ක්ෂේත්ර තුල දැඩි අර්බුදකාරී තත්වයක් ඇති වේ යැයි බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා, මේ වනවිට සමාගම් කිහිපයක් මෙම පනතට අනුව කටයුතු කිරීම සඳහා කැමැත්ත පළකර ඇති බව සඳහන් වෙනවා. කෙසේ නමුත් මෙම පනත තවමත් යෝජනාවක් පමණක් වුවත් යම් හෙයකින් අනාගතයේදී මෙම පනත සම්මත වුවහොත් අනෙකුත් රටවලට මෙන්ම ලංකේය සමාජයට ද බලපෑමක් ඇති කරනු ඇත.
උදා :- මේ නිසා අනාගතයේදී අපිට ස්වතන්ත්ර පින්තූරයක්, වීඩියෝ හෝ ඕඩියෝ පට පමණක් භාවිත කිරීමට සිදුවනු ඇත. විශේෂයෙන් ෆේස්බුක් පිටු, යුටියුබ් චැනල් සඳහා අන්තර්ජාලයෙන් කිසිඳු දෙයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත.

ඇත්තටම මේ පනත පිළිබඳව ඔබේ අදහස අනිත් යටත් දැනගන්න පහත කමෙන්ට් එකකින් අපිට කියන්න.