කව්රුත් බලාසිටි Apple 2019 Event එක ඊයේ පැවැත්වූවා. මෙහිදී Apple සමාගම විසින් සුපුරුදු පරිදි ඔවුන්ගේ Apple දුරකථන , Apple Watch ඇතුළු නවතම උපකරණ කිහිපයක් සහ ඔවුන් මෙම උපකරණ සඳහා භාවිතා කරනලද නවතම තාක්ෂණයන් හඳුන්වාදෙනු ලැබුවා. එම Event එකේ ප්රධාන කරුණු කිහිපයක් අද ලිපියෙන් බලමු.
Apple සමාගම විසින් මෙවර දුරකථන ත්රිත්වයක් හඳුන්වාදුන් අතර එය පිළිවෙලින් Apple iPhone 11, Apple iPhone 11 Pro සහ Apple iPhone 11 Pro Max ලෙස නම්කර තිබුණු අතර එහි එකිනෙක මිලගණන් වශයෙන්,
Apple iPhone 11 – $ 699
Apple iPhone 11 Pro – $ 999
Apple iPhone 11 Pro Max – $ 1099 ක් ලෙස හඳුන්වාදුන් අතර මෙම දුරකථනවල මිල ගණන් Features මත වෙනස්වීමට පුළුවන්. ඒ වගේම Apple iPhone 11 සඳහා පමණක් ප්රධාන කැමරා ද්විත්වයක් ඇති නමුත් Apple iPhone 11 Pro සහ Apple iPhone 11 Pro Max දුරකථන සඳහා සුපිරි කැමරා ත්රිත්වයක් අඩංගු වී තිබෙනවා.

Apple සමාගමේ මීළඟ ප්රධාන උපකරණය විදිහට Apple Watch Series 5 හඳුන්වාදුන් අතර මෙවර එහි විශේෂත්වයක් වශයෙන් “Always On Display” Feature එක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම Apple සමාගම මෙහි GPS Version එක $ 399 වශයෙන් සහ Cellular Version එක $ 499 ක් ලෙස සැප්තැම්බර් 20 සිට වෙළඳපොළට නිකුත් කරනබව සඳහන් කර සිටියා.
Apple සමාගමේ මීළඟ උපකරණය වශයෙන් අලුත්ම iPad මාදිළිය හඳුන්වාදුන් අතර අලුත්ම වෙනස්කම් රැසක් සමඟින් එය $ 329 කට ඉදිරියේදී වෙළඳපොළට නිකුත්වීමට නියමිතයි. ඒ වගේම apple TV + එළඹෙන නොවැම්බර් 1 සිට වෙළඳපොළට නිකුත් කිරීමට Apple සමාගම සුදානමින් සිටින බවත් එය ලෝකය පුරා රටවල් සියයකට වැඩි ප්රමාණයක් සඳහා භාවිතා කිරීමටද හැකියාව පවතින බවත් Apple සමාගමේ ප්රධාන විධායක නිලධාරි Tim Cook විසින් සඳහන් කර සිටියා. තවද මසකට $ 4.99 ක් වැනි මිලකට මෙම සේවාව ලබාගැනීමට හැකියාව ලැබීම මෙහි ඇති විශේෂ කරුණක් වශයෙන් හැඳින්විය හැකිය.

මෙවර නිකුත් වූ Apple උපකරණ සුවිශේෂි ගුණාංග රැසකින් සමන්විත වී තිබූ නමුත් විශේෂයෙන්ම බොහෝදෙනා බලාපොරොත්තුවෙන් සිටි Apple iPhone දුරකථන වල පෙණුම මෙවරත් එතරම් සැලකියයුතු අකාරයකින් වෙනස් නොවී තිබීම කාගේත් කතාබහට ලක් වෙන කරුණක්.