AMD සමාගමේ අලුත්ම Radeon RX 6000M series එක.

0
147

ඔන්න දැන් AMD සමාගම අපි කවුරුත් බලාගන්න හිටපු අලුත් product series එකක් දැන් announce කරලා තියෙනවා, මේ product series එක තමයි AMD සමාගම අලුත්ම mobile GPUs වෙන්නේ, ඉතින් මේ GPUs Radeon RX 6000M series GPUs කියලා නම් කරලා තියෙනවා. මේ අලුත් GPUs වල තියෙන විශේෂත්වයක් තමයි AMD සමාගම ඔවුන්ගේ RDNA 2 architecture එක මේ 6000M series එකට use කරගෙන තියෙනවා. මේ Radeon RX 6000M series එකේ chips තුනක් බලාගන්න පුළුවන් වෙනවා. ඒ තමයි TRX 6800M (configurable at 145W and above), RX 6700M (up to 135W) සහ RX 6600M (up to 100W). 

AMD සමාගමට අනුව මේ RX 6000M series එකේ flagship chip එක වන 6800M chip එකයි. ඒ වගේම දැනට තියෙන AMD GPUs වලින් තියෙන වේගවත්ම GPUs එක වන්නේත් මේ chip එකයි. AMD සමාගමට අනුව මේ flagship chip එක Nvidia mobile RTX 3080 chip එකට වැඩ හද frame rates වල modern AAA games run කරන්න පුළුවන් වෙන බවයි. ඒ වගේම Nvidia chip එකට වැඩ gaming වලදී battery එක අතින් මේ අලුත් AMD chip outperform කරනවා. සමාගමට අනුව ඔවුන්ගේ අනිත් chip එක වන RX 6700M chip එකට ඕනෑම popular game එකක් 1440p resolution එකක සමග 100fps එකක් deliver කරන්න පුළුවන් බවයි.

RX 6600M chip එක ගැන කතා කරොත්, AMD සමාගමට අනුව මේ chip එක epic 1080p gaming වලට හදපු chip එකක් වෙනවා. ඉතින් මේ RX 6000M series GPUs අපිට මුලින්ම බලාගන්න පුළුවන් වෙන්නේ Asus සමාගමේන් එන්න තියෙන අලුත්ම ROG Strix G15 කියන laptop එකින් වෙනවා. AMD සමාගමට අනුව මේ laptop එකේ RadeonRX 6800M chip එකක් බලාගන්න පුළුවන් වෙනවා බවයි.