පරිගණකයක් විසින් මිනිසුන්ගේ උපකාර නොමැතිව, එහි කෘතීම බුද්ධිය මගින් නව සිද්ධාන්තයක් ගොඩ නගා තිබෙනවා. Tufts විශ්වවිද්‍යාලයේදී, පරිගණක විද්‍යාඥයින් සහ ජීවවිද්‍යාඥයන් විසින් පරිගණක වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා. මේහි අරමුණ වී තිබෙන්නේ පැතළි පණුවන් විශේෂයක් වන ප්ලැනේරියා (planaria) මගින් සිදු කල බොහෝ පරීක්ෂණ වලින් ලබාගත් දත්ත විශ්ලේෂණයයි. මෙය වසර 120 පමණ ජීවවිද්යාඥයන්ට ප්‍රහේලිකාවක් වෙලා තිබුණු, planaria පනුවන් ඔවුන්ගේ ශරීර කොටස් පුනර්ජනනය සිදු කරන ආකාරය පිලිබඳ අභිරහස විසඳීමට යොදාගත්තා.
පරිගණකය, එම දත්ත විශ්ලේෂණය කර පුනර්ජනනය සිදු වන ආකාරය සිදුවන ආකාරය තනිවම සෙවීම ආරම්භ කළා. එහිදී සොයාගත් තොරතුරු PLOS Computational Biology සඟරාවේ පල කර තිබෙනවා. එමෙන්ම සිද්ධාන්තය ගොඩ නැගීමට යොදාගත් කෘතීම බුද්ධිය පිලිබඳ තොරතුරුද ඇතුලත් කර තිබෙනවා.
අන්තර්ජාලය ඇසුරෙනි.