Samsung සමාගමෙන් leak උන අළුත්ම laptops දෙක ගැන.

0
604

ඔන්න දැන් Samsung සමාගමෙන් එන්න තිනේයෙන laptops දෙකක් ගන්න leaks කිහිපයක් එලියට ඇවිල්ල තියෙනවා, ඉතින් මේ leak උන laptops දෙක තමයි Galaxy Book Pro සහ Galaxy Book Pro 360. ඉතින් මේ laptops දෙකේ අන්තර්ජාලයට Images දෙකක් leak වෙලා තියෙනවා. ඉතින් මේ Galaxy Book Pro කියන laptop එක colors දෙකකින් available වෙනවා, ඒ තමයි blue සහ silver. ඒ වගේම Pro 360 කියන laptop එක navy සහ gold කියන colors දෙකෙන් එන්න ඉඩ තියෙනවා. ඉතින් මේ laptops දෙකම sizes දෙකකින් වෙළදපොලට එන්න ඉඩ තියෙනවා, ඒ තමයි 13 සහ 15-inch displays වලින්.

ඉතින් මේ leaks වලට අනුව Galaxy Book Pro 360 laptop එක Samsung සමාගමේ S Pen stylus එක support කරනවා. මේ leak උන images වලින් පෙන්නන විදිහට මේ laptops දෙකේම numpads තියෙන full size keyboards බලාගන්න පුළුවන් බවයි. Images වලට අනුව Pro 360 එකේ I/O විදිහට USB Type-C port, headphone jack සහ microSD card slot එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම Galaxy Book Pro laptop එකේ Type-A port, card slot සහ headphone jack එකක්. බලාගන්න පුළුවන් වෙනවා. තවත් specs විදිහල OLED displays, Thunderbolt 4 සහ optional LTE support මේ laptops දෙකේම බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම මේ laptops දෙකම 11th-Gen processors වලයි run කරනවා. 

ඉතින් අන්තර්ජාල තොරතුරු වලට අනුව මේ laptops දෙකම අප්රේල් මසයෙදී launch කරන්න බලාපොරොතු වෙන බවයි. ඉතින් අපි හිතනවා මේ laptops දෙකම ඉක්මනටම ලංකාවට ඒවි කියලා.