Sony සමාගමෙන් music effects control කරන අලුත් gadget එකක්.

0
127

ඔන්න දැන් Sony සමාගම අලුත් product එකක් launch කරලා තියෙනවා, Sony සමාගමට අනුව මේ අලුත් product එක හදල තියෙන්නේ musicians ලටයි. මේ product එක්ක Motion Sonic කියල නම් කරලා තියෙනවා. Sony සමාගම මේ Motion Sonic product එක විස්තර කරල තියෙන්නේ “effects gear to control sound in sync with your motion for playing music” කියලයි. ඉතින් මේ device එක Fitbit එකක් වගේ rubber wristband එකක් තියෙන පොඩි capsule එකක් වෙනවා.

මේ Motion Sonic device එක ගැන තව දුරටත් කත කරොත්, මේ device එක normal watch එකක් බදිනවා වගේ use කරන්නත් පුළුවන් (මේක guitar එකක් play කරද්දී ගොඩක් අතට comfortable වෙනවා) එහෙම නත්මන් අත පිටිපස්සෙන් දිනත් පුළුවන් වෙනවා ( මේක keyboard player කෙනෙකුට ගොඩක් comfortable වෙන්න පුලුවන්). ඉතින් මේ Motion Sonic device එකෙන් හරියටම වෙන්නේ මොකක්ද කියල කතා කරොත්, මේ device එක specific musical effects hand motion එකකට link කරන එකයි. example එකක් ගැන දිහා බැලුවොත්, අතේ ඇගිල්ලක් left to right move කරද්දී delay effect එකක් වැඩි වෙන්න නැත්නම් අඩු වෙන්න set කරන්න පුළුවන් වෙනවා.

ඉතින් මේ create කරන්න effects ඔකොම iOS app එකකට save වෙනවා, ඊටපස්සේ audio interface එකක් හරහා කැමති instrument එකක් මේ Motion Sonic device එකත් එක්ක use කරන්න පුළුවන් වෙනවා. මේ Motion Sonic device එක දැනට Android සමග compatible වෙන්නේ නෑ.