මේ ගෙවුණු වසරට සාපේක්ෂව එළඹෙන වසර ගේමර්ස්ලට ඉතා හොඳ වසරක් ලෙස නම් කිරීමට පුළුවන්. මේ වනවිට ලොව ප්රකට Games නිෂ්පාදන සමාගම් කිහිපයක් විසින් ඔවුන්ගේ 2019 වසරට අදාළව නිකුත් කිරීමට බලාපොරොත්තුවන Game Trailers කිහිපයක් නිකුත් කර තිබෙනවා.
Mortal Kombat 11
1992 වසරේ සිට අලුත් වෙමින් පැමිණි “Mortal Kombat” ගේම්ස් එකතුවට 2019 වසරේ පැමිණීමට නියමිත නවතම අත්දැකීම “Mortal Kombat 11” වශයෙන් නම් කර තිබෙනවා. සුපිරි ශබ්ද රටා වලින් යුතු මෙහි චරිත වල පෙරට වඩා වැඩි සජීවී කාරණයකින් යුතුව දැක ගැනීමට හැකියාව තිබෙනවා. මෙය PC, PS4, Xbox One ආදී උපකරණ සමගින් භාවිත කිරීමේ හැකියාව පවතී. 2019 නිකුත් වීමට නියමිත “Mortal Kombat 11” ඉතා ජනප්රියත්වයක් ලබා ගනු ඇති බව නොඅනුමානය.
Anthem
ලොව ප්රකට ගේම්ස් නිෂ්පාදන සමාගම් දෙකක් වන BioWare සහ Electronic Arts සමාගම් එකමුතුව නිපාදනය කර ඇති “Anthem”, සුපිරි රූප සහ ශබ්ද රටා උපයෝගී කරගෙන නිර්මාණය කර ඇත. මෙය PC, PS4, Xbox One ආදී උපකරණ සමගින් භාවිත කිරීමේ හැකියාව පවතී. මෙම සුපිරි “Anthem” එළඹෙන පෙබරවාරියේ එළිදැක්වීමට නියමිතය.
Far Cry New Dawn
කව්රුත් දන්නා Ubisoft සමාගමේ නවතම නිර්මාණය වන මෙය මෙතෙක් පැවති “Far Cry” ගේම්ස් වලට තරමක් වෙනස් මුහුණුවරක් ගන්නවා. PC, PS4, Xbox One ආදී උපකරණ සමගින් භාවිත කිරීමේ හැකියාව පවතින මෙය එළඹෙන 2019 වසරේ පෙබරවාරියේ නිකුත් වීමට නියමිතයි.
Metro Exodus
Dmitry Glukhovsky ගේ නවකතා පාදක කරගෙන නිර්මාණය වන “Metro” ප්රකට “4A Games” සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබනවා. නවතම රූප සහ ශබ්ද යොදාගෙන මෙය නිර්මාණය කර තිබෙනවා. PC, PS4, Xbox One ආදී උපකරණ සමගින් භාවිත කිරීමේ හැකියාව පවතින මෙය ද එළඹෙන 2019 වසරේ පෙබරවාරියේ නිකුත් වීමට නියමිතයි.
Tom Clancy’s The Division 2
ඇමරිකාවේ වොෂින්ග්ටන් නගරය පාදක කොට ගෙන නිර්මාණය කර ඇති මෙය සඳහා ප්රකට Ubisoft සමාගම ද තම දායකත්වය ලබාදී තිබෙනවා. PC, PS4, Xbox One ආදී උපකරණ සමගින් භාවිත කිරීමේ හැකියාව පවතින මෙය එළඹෙන 2019 වසරේ මාර්තුවේ නිකුත් වීමට නියමිතයි.
Sekiro: Shadows Die Twice
සම්ප්රදායික සටන්කලාවන් උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති මෙය “FromSoftware” සමාගමේ නිර්මාණයක් වේ. නවතම සජීවී රූප රටාවන් සහ සුපිරි ශබ්ද රටාවන් “Sekiro: Shadows Die Twice” සඳහා යොදාගෙන තිබෙනවා. PC, PS4, Xbox One ආදී උපකරණ සමගින් භාවිත කිරීමේ හැකියාව පවතින මෙය ද එළඹෙන 2019 වසරේ මාර්තුවේ නිකුත් වීමට නියමිතයි.
2019 වසරේ පැමිණීමට නියමිත මෙම Games ගැන ඔබේ අදහස මොකක්ද…? අනිත් යටත් දැනගන්න අපිට කියන්න.