Nokia 8 V 5G UW phone එක වෙළදපොළේ වෙනසක් කරයිද?

0
1135

HMD සමාගම ඔවුන්ගේ අලුත්ම Nokia flagship phone එක දැන් announce කරලා තියෙනවා. ඒ තමයි Nokia 8 V 5G UW phone එක. අන්තර්ජාලයේ සදහන් වෙන විතියට මේ phone එක HMD සමාගම දෙවැනි 5G  පහසුකම තියෙන phone එක. ඒ වගේම ඔවුන් කියන විතිහට මේ අලුත් Nokia 8 V phone එක ඔවුගේ මාර්තු මාසයේ announce කරපු පලවෙනි 5G පහසුකම තියෙන phone එක වන Nokia 8.3 5G එකේ වැඩි දියුණු කරපු phone එකයි. මේ Nokia 8.3 5G phone එක ගිය සැප්තැම්බර් මාසයේදී launch කරා, මේ Nokia 8.3 5G phone එකේ සහ අලුත් Nokia 8 V 5G UW phone එකේ තියෙන ලොකුම වෙනස තමයි මේ අලුත් Nokia 8 V 5G UW phone එක sub-6GHz සහ mmWave 5G networks දෙකම support කරන.

මේ අලුත් Nokia 8 V phone එක සහ Nokia 8.3 5G phone එක බැලුබැල්මට හැඩයෙන් එකවගේ, ඒ උනත් මේ අලුත් Nokia 8 V phone එක වෙනස් වෙනේ මේ phone එකේ color එකෙන්. මේ Nokia 8 V phone එක gray color එකකින් අපිට බලාගන්න පුළුවන් වෙනවා. එයට අමතරව මේ phone දෙකම එකවගේ, මේ දෙකේම 6.81-inch display ඒ වගේම hole-punch camera සහ  a Nokia-branded chin එකක් bottom එකේ බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ phone එකේ camera හතරක් බලාගන්න පුළුවන් වෙනවා, main 64-megapixel sensor, 12-megapixel ultrawide camera,  2-megapixel macro camera, සහ 2-megapixel depth sensor එකක්ද බලාගන්න පුළුවන්.

මේ අලුත් Nokia 8 V phone එකේ internals ගැන කතා කරොත් අපිට Snapdragon 765G processor එකක් සමගම integrated 5G modem, 4,500mAh battery, 6GB of RAM, සහ 64GB internal storage එකක් බලාගන්න පුළුවන් වෙන්ව. ඒ වගේම මේ phone external features ගැන කතා කරොත් අපිට power button එකත් එක්කම fingerprint sensor එක, customisable voice assistant button එකක්,  USB-C for charging, සහ 3.5mm headphone jack එකක්ද බලාගන්න පුළුවන් වෙනවා. අන්තර්ජාලයේ සදහන් වෙන විදියට මේ phone එක නොවැම්බර් 12 වෙනිදට වෙළදපොළට release කරනවා.