OnePlus කියන්නේ මෑත ඉතිහාසයේ ස්මාර්ට් ජංගම දුරකථන ලෝකයට එකතු වූ නවතම සන්නාමයක්. සාපේක්ෂව ඉතාමත් අඩු මිලකට සුපිරි මට්ටමේ දුරකථන හඳුන්වාදීම හේතුවෙන් OnePlus සමාගම ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොළ තුළ සුවිශේෂී තැනක් හිමිකරගෙන තිබෙනවා. ඉතින් මේ OnePlus සමාගම විසින් අළුතෙන්ම ලෝක වෙළඳපොළට රූපවාහිනී යන්ත්ර (“OnePlus Tv”) හඳුන්වාදීමට සුදානමින් සිටින බවට වාර්තා වෙනවා.
OnePlus සමාගමේ ප්රධාන විධායක නිලධාරී “Pete Lau” විසින් සඳහන් කරන ආකාරයට ඔවුන්ගේ ප්රථම රූපවාහිනී යන්ත්රය එළඹෙන මාසයේදී පමණ එළිදැක්වීමට නියමිත අතර එය ප්රථමයෙන් ඉන්දියානු වෙළඳපොළ සඳහා හඳුන්වාදීමට දැනට කටයුතු කර තිබෙනවා.

දැනට මෙම රූපවාහිනී යන්ත්රයේ තාක්ෂණික කරුණු පිළිබඳව නිල තොරතුරු කිසිවක් වාර්තා නොවන නමුත් මෙම රූපවාහිනි යන්ත්ර සඳහා Android මෙහෙයුම් පද්ධතිය ඇතුළුව නවතම අංග කිහිපයක්ද අඩංගු බව අන්තර්ජාල තොරතුරු වාර්තා කරනවා. එමෙන්ම එම රූපවාහිනී යන්ත්ර බොහෝ දුරට අඟල් 43 – 75 අතර මාදිලි කිහිපයකින් නිකුත් වේයැයි අනුමාන කල හැකිය.
කොහොම වුවත් OnePlus Tv ඉන්දියාවට හඳුන්වාදීමත් සමඟම ලාංකීය වෙළඳපොළ තුළත් ඉතාමත් ඉක්මනින් මිලදී ගැනීමට හැකියාව ලැබේයැයි බලාපොරොත්තු විය හැකිය.