Google Photos වල unlimited storage 2021 ජුනි 1 වන දිනෙන් අවසන් කරනවා.

0
756

අපි කුරුත් දන්නා විදියට Google Photos කියනේ high quality සහ unlimited free photo backups ගන්න පුළුවන් storage app එකක්. ඉතින් Google Photos අවුරුදු පහක් තිස්සේ අපිට මේ සේවාව free ලබතිලා තියෙනවා. ඉතින් දැන් Google සමාගම තීරණය කරලා තියෙනවා 15GB වැඩ use කරලා තියෙන accounts වලින් charge කරන්න. Google සමාගම 2021ජුනි පළවෙනිදා සිට මෙය ආරම්බ කරන්න සුදානම් වෙනවා. ඒ වගේම ඔවුන් Google Drive policy කිහිපයකම වෙනස් කම් කරන්න බලාපොරොත්තු වෙනවා එත් සමගව Google Workspace documents වල සහ spreadsheets වලද වෙනස් කම් කරන්න බලාපොරොත්තු වෙන්න බවයි. Google සමාගම විසි user කෙනෙකුගේ account එකක් අවුරුදු දෙකකට වැඩ use කරලා නැතිනම් ඒවා automatically delete කරන බවයි අන්තර්ජාලයේ සදහන් උනේ.

Google සමාගම කියන විදිහට ජුනි පළවෙනිදාට පෙර upload කරපු photo මේ 15GB count කරනේ නැති බවයි. ඉතින් දැන් ඔබට ඕනෑතරම් කාලය තියෙනවා වෙනත් cloud storage එකකට shift වෙන්න නැත්නම් ඔබ කැමතිනම් තිගටම Google Photos use කරන්න. අන්තර්ජාලයේ සදහන් වෙන විදියට මේ 15GB  limitation එකත් එක්ක Google Photos තුලින්ම storage එක efficient විදිහට run කරන්න එය Photos compress කිරීමට හැකියාවක් තියෙන බවයි. ඒ උනත් මේය Google’s devices use කරන කෙනෙක්ට පශ්නයක් වනේ නෑ. ඔවුන්ට පෙරපරිදීම Google Photos use කරන්න පුළුවන් වෙනවා. Google’s devices us කරන යට unlimited original quality Photos upload කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේක Google’s devices use කරන යට පොඩි bonus එකක්. ඒ වගේම Google සමාගම පැවසුවා විතියට ඔවුන් වෙන කටත් වැඩ free storage එකක් දෙන බවයි. එත් එක්කම ඔවුන් කියන විදිහට මේ 15GB පිරෙන්න normal user කෙනෙක්ට අඩුම අවුරුදු තුනකට වැඩ කාලයක් යන බවයි. 

Google සමාගම පැවසුවා විතියට ඔවුන් ඔබගේ storage එක full වෙන්න ලංවෙද්දි Google Photos වසින් ඔබට එය පිලිබදව alerts සහ warnings එවන බවයි. ඒ වගේම ඔවුන් අලුත් tools කිහිපයක්ම මේ storage management වලට හැදුව දෙන බවයි, මේ අලුත් tools මගින් ඔබගේ Google Photos වල තියෙන ඔබට වැඩක් නැති කියල හිතෙන blurry images නැත්නම් screenshots ලේසියෙන්ම delete කරන්න පහසුකම ලබාදෙනවා. ඒ වගේම Google Photos ඔබට useful personalized estimate එකක් පෙන්නවා, ඒ තව කොපමණ කාලයකින් ඔබගේ storage එක full  වේවිද කියල.