සැම්සුන් සමාගම ඔවුන්ගේ සිහින්ම ස්මාර්ට් දුරකථනය එලි දක්වයි.

0
1008

සිහින් බවින් වැඩි උපාංග වලට පාරිභෝගික කැමැත්ත එන්න එන්නම වැඩිවෙනවා. පුදුම සහගත අංග සමගින් නව ජංගම දුරකථන හැම මාසෙකම වගේ වෙළඳපොළට පැමිණෙනවා. සමහර වෙලාවට එය සතිපතා වෙන්නත් පුළුවන්. පසුගියදා අපි ඔබට තොරතුරු ගෙනාවා Marshall London දුරකථනය පිළිබඳව. අද අපි තොරතුරු ගෙන එන්නේ සැම්සුන් සමාගමේ නවතම දුරකථනය වන Galaxy A8 පිළිබඳවයි.

මෙහි ප්‍රධානම විශේෂත්වය වන්නේ දැනට සැම්සුන් සමාගම නිෂ්පාදනය කල සිහින්ම ස්මාර්ට් දුරකථනය වීමයි. සැම්සුන් සමාගම ස්මාර්ට් දුරකථන ක්ෂේත්‍රයේ හොඳ ස්ථානයක පසු වන බව කවුරුත් පිළිගන්න කරුණක්. නමුත් ඔවුන්ට කිසිදා ඔවුන්ගේ දුරකථන සඳහා නිර්මාණශීලී සැලසුමක් ඉදිරිපත් කිරීමට නොහැකි වුණා. නමුත් මේ තත්වය Galaxy S6 සහ S6 Edge දුරකථන පැමිණීමත් සමඟ වෙනස් වුණා. මේ වෙනස තව දුරටත් A8 සමඟින් ඉදිරියට ගෙන යාමට හැකි වේවි.

Galaxy A8 සම්පූර්ණයෙන්ම metal සැකිල්ලකින් යුක්ත වන අතර 5.9mm ක් තරම් සිහින් වේ. අඟල් 5.7 ක 1080p OLED display එකකින් යුතු මෙය මෙගා පික්සල් 16 ක 2.2/f ඉදිරි පස කැමරාවකින් සහ මෙගා පික්සල් 5 ක 1.9/f පසුපස කැමරාවකින් යුක්ත වෙයි. මෙම දුරකථනය බලගැන්වෙන්නේ 8-core Snapdragon චිපයකින් සහ 2 GB RAM එකකින් වන අතර මිලි ඇම්පියර් 3050 ක බැටරි ධාරිතාවයකින් යුක්තයි. මේ සියල්ල සමඟ මෙහි බර ග්‍රෑම් 151 ක් පමණයි. මෙම දුරකථනය hand wave detection sensor එකකින් යුක්ත වන අතර එමගින් photo timer එක ක්‍රියාත්මක කර ගැනීමට හැකි වෙනවා. මේ දුරකථනය ආසන්න වශයෙන් රුපියල් 75,000-80,000 අතර මිලකට ලබා ගැනීමට හැකි වෙනු ඇත.

Samsung Galaxy A8 දුරකථනය පිළිබඳව ඔබේ අදහස පහතින් දක්වන්න.