රතු ග්‍රහයා වෙත යන ප්‍රථමයා 13 හැවිරිදි දැරියක් (වීඩියෝ සහිතයි)

1
875

අඟහරු ග්‍රහයා මත පය තබන ප්‍රථම මිනිසා වීම සඳහා අපේක්ෂාවෙන් 13 හැවිරිදි දැරියක් පුහුණුවීම් අරඹා ඇති බව වාර්තා වනවා. ඇලීසා කාර්සන් (Alyssa Carson ) නම් ඇගේ එකම බලාපොරොත්තුව අඟහරු ග්‍රහයා වෙත යාම බවයි ඇය පවසන්නේ. මේ සිහිනය සැබෑ කරගන්නට නාසා ආයතනය ඇයට සහාය වීමට තීරණය කර ඇති අතර මේ වන විට ඇය ඇගේ අඟහරු මෙහෙයුම සඳහා පුහුණුවීම් වල නිරත වෙමින් සිටිනවා. විද්‍යා විෂයයන්ට අමතරව ඇය මේ වන විට විවිධ භාෂා කිහිපයක්මත් හදාරමින් සිටිනවා.

ඇලීසා මේ වන විට නාසා ආයතනය විසින් පැවැත්වූ ලෝක අභ්‍යවකාශ කඳවුරු තුනටම සහභාගී වූ ප්‍රථම පුද්ගලයා යි. ඒ වගේම ඇයට ඇමරිකානු අභ්‍යාවකාශ ඒජන්සියේ අය අමතන්නේ “Blueberry” ලෙස බවයි වාර්තා වන්නේ.  Louisiana හි Baton Rouge ප්‍රදේශයේ වාසය කරන ඇය මේ වන විට ඇගේ ඉදිරි අනාගතයේ වසර 20කටත් එහා සැලැස්මක් සාදා ගෙන ඇති බවයි ඇගේ පියා පවසන්නේ.

[signoff predefined=”Tech Guru Facebook Like”][/signoff]

1 COMMENT

Comments are closed.