USB Pen Drives සලකන්නේ ලොව බිහි වූ වැදගත්ම නිපැයුමක් ලෙසටයි. මන්දයත් ඔබේ දත්ත එහා මෙහා ගෙනයාමට ඇති පහසුම ක්‍රමය නිසාය. නමුත් කුමක් වේවිද මේ Pen Drive එක සම්බන්ධ කල විට ඔබේ ආදරණීය පරිගණකය පිලිස්සී ගියහොත්?  Pen Drives බෝම්බ බවට පත් කිරීම පිළිබඳව මුලින්ම පැහැදිලි කලේ රුසියානු පර්යේෂකයෙක් විසින්. ඔහු පරිගණකය අළු බවට පත් කරන Pen Drive එකක් නිෂ්පාදනය කර තිබෙනවා. Dark Purple යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මේ පර්යේෂකයා චීන සමාගමක් ලවා මේ පරිපථ සකසාගෙන ඔහු වෙනුවෙන්ම මෙලෙස මාරක Pen Drive එකක් සකසාගෙන තිබෙනවා.

මෙය සාමාන්‍යය Pen Drive එකක් ලෙසින්ම නිර්මාණය කර තිබීම නිසා පිටතින් නම් හදුනාගත නොහැකි වේවි. පරිගණකයකට අනවසරයෙන් ඇතුළු වී එහි උෂ්ණත්වය අසාමාන්‍යය ලෙස වැඩි කර එය පුළුස්සා දැමීමක් පිළිබඳව 2014 වසරේදී අහන්න ලැබුනා. මේ නිෂ්පාදනය සැබෑවටම ප්‍රයෝගික නිර්මාණයක් වී වෙළඳපොලට පැමිණියහොත් ඉතා පහසුවෙන් PenDrive එකක් යොදාගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීමට හැකියාව ලැබේවි.

එය එසේ වුවහොත් මෙය තාක්ෂණික දියුණුවෙහි වඩාත්ම විනාශකාරී නිෂ්පාදනයක් වෙනු ඇත. මීළඟට ඔබට ලැබෙන Pen Drive එකට මොකද කරන්නේ? ඇතුලත ලිපි ගොනු පරික්ෂා කර බලනවාද, එහෙමත් නැත්නම් කුණු කුඩයට දමනවාද? 

 

මුලාශ්‍රය 

 

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here